May 01, 2024

ජනප්‍රිය නිළි ගයත්‍රී ඩයස් හදිසියේම රට හැර ගිය හේතුව එළියට

ගයාත්‍රී ඩයස් කියපුවාම අපි හොඳින් දන්න කියන චරිතයක්නෙ ඇය. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, නිවේදිකාවක්, අධ්‍යක්ෂිකාවක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනා අතර මේ වන විට ඇය ජනප්‍රියයි. දියණියන් දෙදෙනකුගේ මවක් විදිහට බොහොම ආදරයෙන් ඔවුන් දෙදෙනාව රැකබලා ගනිමින් මේ වන විට ජීවත් වෙනවා. ජනප්‍රිය රංගන ශිල්පී චන්න පෙරේරා සමගින් වෙන් වීමෙන් පසුව ඇය දරු දෙදෙනා ද සමග බොහොම ස්වාධීන ලෙස තමයි ජීවත් වෙන්නෙ. ඇයගේම කියලා ව්‍යාපාර කටයුතු කරගෙන රංගන ජීවිතයේ කටයුතු කරගෙන ඇය බොහොම සතුටින් ජීවත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

ඉතින් කොළඹ ඉතාලිය, පාර දිගේ වැනි ටෙලි නිර්මාණ තුළින් ඇය ප්‍රේක්ෂකයන් හමුවට පැමිනෙන්නට තිබුණා. ඉතින් ඇය මේ සියලු වැඩ කටයුතු මධ්‍යයේ රට හැරදමා ගොස් ඇති බවත් පසුගියදා ආරංචි වුණා. ඉතින් ඇයට ආදරය කරන බොහෝ දෙනා විශ්වාස කළේ ඇය යම්කිසි කණගාටුදායක හේතුවක් නිසා රටෙන් වෙන්වෙලා ඇති බවක්. නමුත් ඇය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇයගේ රසිකයන් සමඟ සම්බන්ධ වුණා. ඉතින් එහිදී ඇය ප්‍රකාශ කරලා තිබුණේ ඇය සංචාරයක් සඳහා පිටත්ව යන බව. ඇය මෙසේ පිටත්ව ගොස් තිබෙන්නේ කැනඩාවට. එහිදී ගත් ඡායාරූප සමඟින් ඇය මුහුණු පොතේ සටහනක් තබලා තිබුණා.

ඇය එහිදී ප්‍රකාශ කරලා තිබුණේ,

”ඉන්නේ දුර උනාට ලඟ හිටියටත් වැඩිය හොඳට පේනවා” ලෙසයි …

ඉතින් මේ අපූරු රංගන ශිල්පිනියට පරිස්සමින් සංචාරය කරලා එන්න කියන ගමන්ම අනාගතයේදී අපූරු නිර්මාණ වලින් හමු වීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා.

Rate this item
(9 votes)
Last modified on Monday, 18 October 2021 23:11