April 28, 2024

"ඇගේ නම නිල් මිණක් උනාට කට ඇරියහම ගලාගෙන එන්නේ මුසාවන් "- සංජිවනි වීරසිංහ තැබූ ආන්දෝලනාත්මක සටහන

දක්ෂ නිවේදිකාවක් ඒ වගේම  රංගන ශිල්පිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වශයෙන් කටයුතු කරන සංජීවනී වීරසිංහ කියලා කියන්නේ කොයි කවුරුත් අතර ප්‍රසිද්ධ වුණු චරිතයක්. අසරණ වූ රෝගීන්ට,පාසල් දරුවන්ට,විවිධ ආයතන නගා සිටුවන්නට ,ඒ වගේම හිංසාවට ලක්වූ දියණියන්ට පිහිට වීමෙන් නොයෙකුත් කාර්යයන් ඉටු කරපු ඇය පසුගියදා කවුරුත් නොසිතූ විරූ ආන්දෝලාත්මක සටහනක් ඇගේ මුහුණු පොතට එකතු කරනවා.

මේ සටහන කෙලින්ම ඉලක්ක ගත කරන්නේ ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් ටයි. ඇය එක්තරා යූටියුබ් මාධ්‍ය ජාලයක වැඩසටහනකට සහභාගිවෙමින් සංජීවනි වීරසිංහ ගැන අභූත චෝදනාවක් එහෙමත් නැත්නම් මුසාවක් කියලා තියෙනවා. එය පිළිබඳව කලකිරුණු සංජිවනි වීරසිංහ තමන්ගේත් සටහන ආරම්භ කරන්නේ මෙහෙමයි.

මා කලක් වැඩිමහල් සොහොයුරියකට සේ සැලකූ එක්තරා වැඩිහිටි ශිල්පිනියක් පසුගියදා පැවැත්වූ ඇගේ සාකච්ඡාවක  මගේ ගැනත් අනවශ්‍ය ආකාරයෙන් සඳහන් කරනු කන වැකුණු නිසා සුපුරුදු පරිදි ලිය යුතු දේ ලියා තබමි. සමහර විට ඇගේ ජීවිතය කතා කරන්නට තරම් වැදගත් දේවල් හෝ දෙන්නට තරම් වටිනා සමාජ පණිවිඩයක් ඇයට නොමැති නිසා ඇගේ සාකච්ඡාවේ මගේ ගැන කතා කළා විය හැක.  ඇගේ නමේ තේරුම නිල් මිණක් උනාට කට ඇරියම ගලාගෙන එන හිස් මුසාවන් පිරුණු වචන ගල් බොරළු තරම්වත් නොවටිනා බව මට වැටහුනේ බොරුවෙන් ප්‍රේක්ෂකයා මුළා කරමින් ඇය කළ සංවාදය දුටු පසුයි.

ඒ වගේම වැඩිදුරටත් අදහස් දක්වන සංජිවනි සඳහන් කරන්නේ බොරු වපුරමින් තමන්ගේ එදිනෙදා ජීවිතය පැවැත්ම ගෙන යන්නට දඟලන මේ රංගන ශිල්පිනිය  කිසිසේත් තමන්ට උදව් කරපු හිතමිතුරන් පිළිබඳව  හිතන පතන ගැහැනියක් නොවෙයි කියලයි. එක්තරා අවස්ථාවක ඇය බරපතළ ලෙස රිය අනතුරකට මුහුණ දෙනවා. මේ වැඩසටහන අතරතුර ඇය ඒ අනතුර මතක් කළත් ඇයට උදව් කරපු ළඟින් හිටපු පුද්ගලයන් පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. ඒ පිළිබඳව සංජිවනි අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.

ඇයව රාගම රෝහලට සිහි මුර්ජිතව රැගෙන අවස්ථාවේ ඇඟට දමන්න ඇඳුමක්වත් නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දුන් විට එවකට කඳානේ පදිංචි ව සිටි මා සියල්ල පසෙකලා අවශ්‍ය රෙදිපිළි රැගෙන ගොස් කළ යුතු යුතුකම් කළ බව ඇයට දැන් අමතක වී ඇත. මා කළ උදව් අමතක වුන එක පුදුමයක්ද. ඇගේ කලින් කසාද සැමියා ඇය රෝහල්ගත කළ දා සිට එක දිගට ඇයට සිහින තෙක්ම බොහෝ අපහසුකම් මැද එතන දිවා රෑ වැටී සිටියා. නමුත් ඇය උදව් කරපු අනිත් අයව මතක් කරද්දී ඇයට ඔහුගේ නමත් අමතක උනා.

මේ සිදුවීම සම්බන්ධයෙන් දරුණු ආකාරයේ කලකිරීමට පත්ව සිටින සංජිවනි  තවදුරටත් අදහස් දක්වන්න මෙන්න මේ විදිහට, 

ඇය ගැන කියන්න බොහෝ පෞද්ගලික දේවල් මට ද තිබේ. සමහරුන් මුදලට විකුණනු හැටි සමහරුන් මුදලට විකුණන හැටි සහ තම විවාහ ජීවිතය කඩාකප්පල් කර ගත් විලාසය,හොඳ කාන්තාවක් ලෙසට ලෝකයට මවා පෑවත් ඔවුන්ගේ විවාහය දෙදැරූ සත්‍ය හේතුව දන්නෝ දැන සිටියත් ඒවා විස්තරාත්මකව  විවේචනය නො කරමි. මන්ද ලොරියක් පිරෙන්න ඇති ඒ කුණු  ගොඩවල් අවුස්සා හතර වට ගඳ ගැස්සවීමට මට අවශ්‍ය නොමැති නිසාය. මේ ටික ද ලිව්වෙ ඇය මා පිළිබඳ අනවශ්‍ය ප්‍රකාශ කරමින් ඉල්ලන් කෑ නිසා පමණයි. අනුන් විවේචනය කරන්නට ඇය යොදවන කාලය තමන්ගේ පවුල වෙනුවෙන් යොදවන්නට ඇයට හැකි වුණා නම් ඇය අද දරුවාද සමග ජීවිතයෙන් තනි නොවනු ඇත.

සිදුවූ අසාධාරණ තත්ත්වයන් නිසා ඉතාමත් සෘජු අදහස් කිහිපයක් ඇය තම මුහුණු පොත හරහා එකතු කළේ එයාකාරයෙන්.

Rate this item
(7 votes)
Last modified on Monday, 18 October 2021 09:30