May 01, 2024

දිනක්ෂිගේ පුංචි දෝණි ගැන ශේෂාද්‍රි කියපු කතාව

හැමෝම හොඳින් දන්නා හඳුනන ප්‍රියසාද් පවුලේ දෙවෙනියා වුණු රංගනයට වගේම නිවේදනයටත් දක්ෂ ශේෂාද්‍රි යුග දිවියට පිවිසෙන්න තීරණය කරලා තිබුණා. රසික ජනාදරයට පත්වුණු ආදරණීය රංගන ශිල්පිනියක් වන ශේෂාද්‍රි ඇගේ නව ජිවිතයේ සොඳුරු තැන් මෙන්ම මේ දිනවල වැඩකටයුතු පිළිබඳ පුවත්පත් මාධ්‍ය සාකච්ජාවක් සමඟ එක්වෙමින් කියලා තිබුණේ මේ විදියටයි.මුලින්ම ඇය කියා තිබුණේ මේ දිනවල ඇගේ ජීවිත ගලාගෙන යන ආකාරය පිළිබඳවයි. “ මේ දිනවල ගොඩක් හොඳින් සතුටින් කාලය ගත කරනවා. තවම විවාහ වුණා විතරයි; අලුත් ජීවිතයට හුරුවෙමින් තමයි සිටින්නෙ. විවාහ වෙන්න කලින් අපි දෙන්නා ජීවත් වුණෙ පවුල් දෙකක. ඒ කියන්නෙ දෙමාපියන් ළඟ. ඉතින් ඒ නිසා අලුත් ජිවිතේට එකවර හැඩ ගැහෙන්න අමාරු නිසා ටිකෙන් ටික හුරු වෙමින් තමයි ඉන්නෙ.”

May be an image of 1 person, standing and outdoors

ඊට පස්සේ ඇය කතා කළේ ඇගේ ආදරණීය සැමියා ගැන. “ඔහු ක්‍රිෂාන් පෙරේරා. පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස තමයි ඔහු රැකියාව කරන්නෙ. ඊට අමතරව මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන නිසා සංගීතය පැත්තටත් යොමු වෙන්න කාලයක් ඔහුට තිබෙනවා. ඉදිරියෙදි යහළුවො කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා ගීත කිහිපයක් එළි දක්වන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔහු ඩොක්ටර් බෑන්ඩ් එකේ සමාජිකයෙක් විදියටත් වැඩ කරලා එයින් ඉවත් වුණා. නමුත් සංගීතයෙන් නම් ඉවත් වෙන එකක් නැහැ. මමත් කැමතියි ක්‍රිෂාන් සංගීතය පැත්තෙන් ඉදිරියට යනවට.”

ඒ වගේම ඇගේ ආදර කතාවේ ආරම්භය ගැනත් ඇය මතකය ආවර්ජනය කළේ මේ විදියටයි. “ මීට අවුරුදු දෙකකට කලින් තමයි මට ක්‍රිෂාන් මුණගැගෙන්නෙ.අපි දෙන්නම කලින් විවාහ වෙලා හිටපු දෙන්නෙක්. ඒ ප්‍රශ්න ඔක්කොම ඉවර වුණාට පස්සෙ මමත් තනියම හිටියෙ.ක්‍රිෂානුත් තනියම හිටියෙ. මගෙ අක්කි දිනක්ෂියි ක්‍රිෂානුයි හොඳම යාළුවො. අක්කිගෙ හිතවත්කම මත කතාබහ කරලා යහළුවො වගේ ඉන්නකොට මට තේරුණා ජිවිතේ ඉදිරිය ක්‍රිෂාන් එක්ක යන්න ලෙහෙසියි කියලා. එහෙම තමයි අපි දෙන්නා ආදරවන්තයො වුණෙ.”

May be an image of 1 person and outdoors

ශේෂාද්‍රි සැමියාගෙන් ඇගේ වැඩකටයුතු වලට ලැබෙන සහයෝගය ගැනත් කියන්න අමතක කළේ නැහැ. “ ක්‍රිෂාන් මට තහංචි දාන්නෙ නැති කෙනෙක්. ඒක තමා මට ලැබෙන මුල්ම සහයෝගය. මම මොන දේ කළත් කලින් එයා එක්ක කතා කරලා තමයි කරන්නෙ. මේ දවස්වල නම් කොවිඩ් ප්‍රශ්නය නිසා රූපගත කිරීම් නවත්වලා තියෙන්නෙ.”ඇය නිවේදිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් එසේම දැන් ගෘහණියක්. ඉතින් මේ කාර්යබහුලත්වය සමඟ මේ හැමදේම සමබරව කරගෙන යන විදිය ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්.  “ මෙහෙමයි. අපි මේ දේවල් වැඩිය හිතන්නෙ නැති වුණාම අපිට හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන්. අපේ කාලය කළමනාකරණය කර ගන්න විදිය සහ වැඩකටයුතු කළමනාකරණය කරගන්න විදිය තමයි අපි හිතන්නට අවශ්‍යය. මම දැන් මුල්තැන දෙන්නෙ නිවසෙ වැඩ කටයුතුවලට. උදෑසනම නිවසේ වැඩ කටයුතු සිදු කරලා පසුව තමයි මම මගෙ වැඩකටයුතු සඳහා යොමු වෙන්නෙ.”

දැන් ශ්රේෂාද්රි පුංචි අම්මා කෙනෙක්. ඒ සතුට එක්කම ඇගේ අක්කා දිනක්ෂිට ඇය ඒ වෙනුවෙන් දක්වන සහයෝගය ගැනත් කිව්වේ මෙහෙම කතාවක්. “ ඔව්, මගෙ අක්කි දිනක්ෂි දැන් පුංචි දුවකගේ අම්මා කෙනෙක්. ඇත්තටම මේ වෙලාවෙ තිබෙන කොරෝනා ප්‍රශ්නය එක්ක කිසිම දෙයක් සැලසුම් කරන්නට බැහැ. අපි බබාව බලන්න යන එකත් හරිම අවධානම්. බබාට තෑගිත් අරන් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ එයා වෙනුවෙන්. මේක හරිම අලුත් අත්දැකීමක්. අපේ පවුලට අලුත් අමුත්තෙක් ආවා කියන එක වෙලාවකට හිතා ගන්නත් අමාරුයි. ඒ තරම් සතුටුයි. කොහොමත් ටිකක් කල් අරගෙන තමයි පැටියව බලන්න යන්න වෙන්නෙ.”

දිනක්ෂිගේ සහ සාරංගගේ පුංචි සිඟිත්තියගේ නවතම ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට (PHOTOS)

මේ දිනවල බොහෝ ජනප්රිය චරිතයක් තමයි ඇගේ නැඟණිය ශනුද්රි ප්රියසාද්. නංගිගෙ සාර්ථකත්වය ගැන අක්කා විදියට ඇයට දැනෙන්නෙ විදිය ගැනත් ඇය කතා කළා. “ ශනුද්‍රි බොහොම අඩු වයසින් බොහොමයක් හැකියාවන් පෙන්නපු කෙනෙක්. නර්තනය, ගායනය, රංගනය හැම පැත්තෙන්ම උපරිම දක්ෂතාවක් නංගිට තියනවා. අලුත් පරම්පරාවේ නංගි ජනප්‍රියම චරිතයක් කියලා කියන්න පුළුවන්. ගොඩක් සතුටුයි එයා අද ඉන්න තැන ගැන. අක්කා විදියට මම එයාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. අනික නංගි හිතලා බලලා වැඩකරන කෙනෙක්. ඒ නිසා එයා ගොඩක් දුරට සාර්ථකයි. ශනුගේ ඩාන්සින් වලට ගොඩක්ම අක්කියි අයියයි තමා උපදෙස් දෙන්නෙ.”

ඉතින් අවසාන වශයෙන් ඇගේ අනාගත බලාපොරොත්තු ගැනත් ඇය මේ විදියට සඳහන් කරලා තිබුණා. “මම මාළිගාවත්ත කියලා ටෙලි නාට්‍යයක් කළා. එය ඔක්තෝබර් මාසයේ අග වගේ ස්වර්ණවාහිනි නාළිකාවෙන් විකාශනය වෙන්න සැලසුම් කරලා තියෙනවා. මම එහි මුස්ලිම් චරිතයක් නිරූපණය කරන්නෙ. ජිවිතේ ගැන ලොකුවට සැලසුමක් නැහැ. ක්‍රිෂාන්ගෙ වැඩකටයුතු වලට උදව් කරගෙන මගෙ වැඩත් අපහසුවකින් තොරව සමබරව කරන්න තමා බලාපොරොත්තුව. මම කොහොමත් කැමතියි වැඩිපුර කාර්යබහුල නොවී එක වෙලාවක එක වැඩක් කරන්න.” කියලයි ඇය කියා තිබුණේ.

May be an image of 3 people, people standing and indoor

May be an image of 2 people, people standing and outdoors

May be an image of 2 people and rose

Rate this item
(0 votes)
Last modified on Friday, 15 October 2021 17:27