May 04, 2024

වැඩක් නැත්නම් ඇයි දෙවැනි ඉනිම ටොපික් එකක් කරගන්නේ - ඉෂාර මධුෂාන්

දෙරණ  රූපවාහිනී නාලිකාව විසින් විකාශය කරනු ලබන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය  අතිශය ජනප්‍රිය  ටෙලි නාට්‍යයක්.දෙවෙනි ඉනිම හරහා ප්‍රසිද්ධියට පත් චරිත්යකි ඉෂාර මදුෂාන් එහෙමත් නැත්නම් දෙවැනි ඉනිමේ විදියට රදීශ් කියන්නේ රංගනය සහ ගුරුවෘත්තිය යන භූමිකාවන් දෙකම  ඉතාමත් සාර්ථකව කරගෙන යන දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්.

ඔහු  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇති අයෙක්. ඔහු  පවසන පරිදි රංගනය පිළිබඳව වෙනම හැදෑරීමක් ඔහු විසින් සිදුකර කරලා නැහැ, නමුත් රංගනය තුලින් ලැබෙන අත්දැකීම් තුළින් ඔහු රංගනය වැඩිදුරටත් හදාරන  බව පවසනවා.

දෙරණ ආයතනයේ උප සභාපතිවරයාගේ ආරාධනයකට අනුව ඔහු මෙම  දෙවනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වී ඇති අතර ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටියා,

”දෙවෙනි ඉනිම නාට්‍යයට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. ඒ වගේම ලොකු ෆෑන් බේස් එකක් හිටියා.ඉදිරියටත් ඒ වගේම ඉඳීවි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ඉන්න ශ්‍රී ලාංකිකයෝ දෙවෙනි ඉනිම බලනවා.”

ඒ වගේම තවදුරටත් පවසා සිටියේ රදීශ් යන චරිතය ඉෂාර මදුෂාන් කියන තමන්ගේ ඇත්ත චරිතයට බොහෝ දුරට සමාන බවයි.

එපමණක් නොව ඔහු මෙසේ ද පැවසුවා.

” දෙවෙනි ඉනිම කවදා නවතීද?නවතින්නේ නැද්ද? කියලා හැමෝම අහනවා.හැමෝම අහන්නෙ hit නිසා.දෙවෙනි ඉනිම කියන්නේ  වාණිජමයට්‍යයක් නාට්‍යයක්. කුඩා කොටස් වලින් අවසන් වන එකක් නෙවෙයි.දෙවෙනි ඉනිම නිසා ජීවත්වන පවුල් කීයක් ඉන්නවද? වැඩක්  නැත්නම් ඇයි දෙවැනි ඉනිම ටොපික් එකක් කරගන්නේ.ඇයි දෙවෙනි ඉනිම වෙන හැම සිද්ධියක් ගැනම වැඩියෙන් කතා කරන්නනේ.මිනිස්සුන්ට වෙන් නාට්‍යය නැද්ද  ලංකාවේ. එහෙමනම් අනිත් ටෙලි නාට්‍ය ගැනත්  අහන්න පුළුවන්නේ.දෙවෙනි ඉනිම වටින නිසා, හිට් නිසයි මේ ගැන කතා කරන්නේ.දෙවෙනි ඉනිම යන ජනප්‍රියම ටෙලිනාට්‍ය නිසා.මේක  අවසානය ගැන දැන්ම කියන්න බෑ.”

Rate this item
(20 votes)
Last modified on Wednesday, 13 October 2021 22:38