May 18, 2024

දිනක්ෂිගේ සහ සාරංගගේ පුංචි සිඟිත්තියගේ නවතම ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට (PHOTOS)

දිනක්ෂි සහ සාරංග කියූ සැනින් ඔබේ මතකයට එන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්. බොහෝ දෙනෙකු දන්නා පරිදි දිනක්ෂි, පසුගිය දිනවල මව් පදවියට සුදානමින් සිටියා. ඔවුන් ඒ ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කරමින් තමයි හිටියේ.

නමුත් ඔවුන් ලැබෙන්නට සිටින දරුවා ගැහැනුද, පිරිමි ද යන්න හෙළිකර සිටියේ නෑ. කොහොම නමුත් පසුගිය 26 දිනයේ දිනක්ෂි, සිඟිති දියණියකට උපත ලබා දී තිබෙන බව ඇයගේ නැගණිය වන ශනුද්‍රි සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී ඒ බව තහවුරු කර සිටියා.

එහිදී ශනුද්‍රි පැවසුවේ තමා දැන් පුංචි කෙනෙකු බැවින් වෙනසකට මුල පුරමින් සතුටින් සිටින බවයි. එහිදී ඇය තවත් කියා සිටියේ සැප්තැම්බර් මාසය ඇයගේ උපන්දිනය යෙදී තිබීම ගැන තමා තවත් සතුටු වන බවයි.

එමෙන්ම ශේෂාද්‍රි පියා සමඟින් සම්බන්ධ වූ වැඩසටහනකට එක් වූ අතර එහිදී නිවේදකයා විසින් සාරංගට වගේම දිනක්ෂිටත් සුබ පැතුම් එක් කළා.

හැමෝගෙම ආදරය අවධානය සහ ආශිර්වාදය ලබන දිනක්ෂි සහ සාරංග යුවළගේ ආදරණීය පුංචි දියණියගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ අතර ශේෂාද්‍රි ප්‍රියසාද් වගේම ශනුද්‍රි ප්‍රියසාද් අලුත් සාමාජීකාව නළවන ජායාරූප සඳහා විවිධාකාර කමෙන්ට්ස් පළ කර තිබුණා.

එම ඡායාරූපය පහතින්,

Rate this item
(8 votes)
Last modified on Tuesday, 12 October 2021 20:41