May 19, 2024

"දිනක්ෂි, ශලනි කියන්නේ ඇත්තටම අපි එක පවුලක අය වගේ" - අසේකා කියන කතාව

මෙරට නර්තන ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය යුවළක් තමයි චන්න උපුලි කියන්නේ. ඇත්තෙන්ම මේ යුවළ ලාංකිය නර්ථන කලාවේ නොමැකෙන තරු දෙකක් ලෙස හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් මේ යුවළට ඉන්න එකම දියණිය පිළිබඳ තමයි අපි කතා කරන්න හිතුවේ.

ඇය තමයි අසේකා විජේවර්ධන කියන්නේ. ලාංකිකයන් බොහෝදෙනෙකු ඇයව නමින් නොහදුනන නමුත් ඇයව රුවින් මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. වයස අවුරුදු 28ක් වයස ඇය මේ වෙද්දි වෘත්තීය වශයෙන් නර්ථන ගුරුවරියක ලෙස කටයුතු කරනවා.

May be an image of 3 people, people standing and outdoors

කොහොමහරි ඉතින් සිය දෙමාපියන්ගෙන් නර්ථන ආභාෂය ලැබුනත් ඇය කුඩා කාලයේදී නර්ථනයට ප්‍රිය නොකල බවයි අපට දැනගන්නට ලැබුණේ. ඉතින් ඒ පිළිබඳ ඇයනම් කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි “ඔව් මම පොඩි කාලේ ඇත්තටම නර්ථනයට කැමති නෑ. මොකද මම බඩ⁣ පේන්න අදින්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් කාලයත් එක්ක අම්මා තාත්තා නිසා මම නර්ථන කලාවට සම්බන්ධ වෙනවා. ඉතින් අද මම වෘත්තීය නර්ථන ගුරුවරියක්.” කියලයි

කොහොම නමුත් අසේකා කියල කියන්නේ රූමත් තරුණියක් ඉතින් අපි ඇගෙන් ආදරය ගැන ඇහුවාම ඇය ලබා දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරකුයි ” දවසක මට හම්බවෙන්න ඕනි කලාවට ආදරේ කරන කෙනෙක්. මොකද මමත් කලාවේ ඉන්න නිසා. තාම මට එහෙම කෙනෙක් නෑ. අම්මා තාත්තා වුනත් මාත් එක්ක මේ ගැන කතා කරනවා. ඒත් තාම මම ආදරයට මුල පුරලා නෑ.” යනුවෙනුයි

කෙසේවෙතත් පසුගිය දිනයක ඇගේ උපන්දිනය වෙනුවෙන් අසේකාගේ හොදම යාලුවෝ වෙන ශලිනි, දිනක්ෂි ඇයට අමතක නොවෙන බර්ත්ඩේ සප්රයිස් එකක් දීල තිබුණා කියලයි අපට දැනගන්නට ලැබුණේ. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

May be an image of 3 people

“එකනම් තාමත් මට හිතාගන්න අමාරුයි. මොකද මම හිතුවේ නෑ හරියටම රෑ දොළහට හැමෝම මාව හොයාගෙන එයි කියලා. මම එදා රෑ ෆිල්ම් එකක් බල බල හිටියේ. ඉතින් රෑ දොරට තට්ටු කරන සද්දෙට මම දොර අරිද්දි ලොකු කේක් එකක තියාගෙන සාරංග අයියා දොර ලඟ. ඒ දවස මතක් වෙද්දි අදටත් මට හරි සතුටුයි. මගේ අම්මා තාත්තා වුනත් මේක දැනන් ඉදලා නෑ. දිනක්ෂි ශලිනි කියන්නේ ඇත්තටම අපි එක පවුලක අය වගේ.” කියලයි

අසේකා කියන්නේ මේවෙනකොට නර්ථන කලාවට පමණක් සම්බන්ධ තරුණියක් ඉතින් ඇගෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවක් තිබෙනවාද කියල අහපු වෙලේ ඇය කියා සිටියේ මේ වගේ කතාවකුයි “මට අවස්ථාවක් ලැබුනොත් අනිවාර්යයෙන් ඒක මම පිළිගන්නවා.

මොකද මම කලාවට ආදරේ නිසාම රංගනයත් ඉගෙන ගන්න ආසයි. කාලයක් මට එහෙම ආරාධනා ලැබුනත් අධ්‍යාපන කටයුතු එක්ක එ දේවල් මඟ හැරුනා. ඉතින් අවස්ථාවක් ආවොත් අනිවාර්යයෙන් ආයේ සම්බන්ධ වෙනවා.” කියලයි.

May be an image of 9 people, people standing and indoor

May be an image of 2 people, people standing and indoor

May be an image of 2 people, people standing and indoor

Rate this item
(1 Vote)
Last modified on Sunday, 10 October 2021 22:39