April 27, 2024

“මානසික රෝගීන් තෝරගෙන ඇසුරු කිරීමෙන් අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්” - නිල්මිණි කිව්ව සංවේදී කතාව

අහම්බෙන් රංගන ක්ෂේත්‍රයට පැමිණීමට අවස්ථාව හිමිකර ගෙන අද වන විට ලංකාවේ හැමෝම දන්න චරිතයක් බවට පත්වෙලා තියෙන අපූරු රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන්. මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය ජාලාවල ඇය පිළිබඳව කතා බහ කෙරෙනවා.

සහෝදර සහෝදරියන් බොහොමයක් ඉන්න පවුලක  ආරක්ෂාකාරීව හැමෝගෙම ආදරයෙන්, විනයානුකූලව හැදුණු වැඩුණු චරිතයක් තමයි නිල්මිණී කියන්නේ. කුඩා කාලයේ පටන් පියාගේ නීති රාමුව තුළ හොඳ විනයක් පවත්වා ගනිමින් වැඩුණු නිසාමදෝ ඇය ඇයගේ ක්ෂේත්‍රය තුළත් මේ විනයානුකූල බව පවත්වාගෙන යනවා. මේ නිසාමදෝ බොහෝ දෙනා අතර ජනප්‍රිය එමෙන්ම බොහෝ දෙනා ආදරය කරන චරිතයක් බවටත් පත් වෙන්නේ.

සමාජ සේවා කටයුතු වල නිරත වෙමින් රංගන ජීවිතයේ සාර්ථකත්වයක් මෙන්ම ඇගේ පෞද්ගලික ව්‍යාපාර තුළින් ද බොහෝ සාර්ථකත්වයක් ලබන්නට ඇයට මේ වනවිට හැකිවෙලා තියනවා. දියණිය ස්වේතා සහ මව සමඟ ඇය ජීවත් වන අතර මධුමාධව අරවින්ද වන ඇයගේ හිටපු සැමියා සමගින් වෙන් වී තමයි ජීවත් වෙන්නේ. ඉතිං මදුමාදව  පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කර තිබූ ප්‍රකාශය හේතුවෙන් නිල්මිණී ගැනත් බොහෝ දෙනා කතා බහ කරන තත්ත්වයක් මතුවුණා.

මෙම කාරණා කොයිහැටි වෙතත් නිල්මිණි පසුගිය දිනෙක ඇයගේ සමාජ මාධ්‍ය ජාලාවක ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා,

"මම ලොකු කල්පනාවකට ගියා. මනුස්ස ජීවිතයක් ලබන්න මොන තරම් පිනක් කරලා තියෙන්න ඕනෙද? ඒත් ඒ ජීවිතේ වටිනාකම අපිට තේරෙන පෙරබවය කරන කුසල් වෙනුවෙන් හැම දේම අපිට ලැබෙනවා කියලා මා විශ්වාස කරනවා. මා මේ කලාවට ආවේ කලා පවුලකින් නොවුනත් මගේ උත්සාහය මත මා විශ්වාස කරන මගේ හැකියාව මත බව මා දන්නවා. කලාකරුවන්ට හොඳ උණුවෙන හිත් තියෙන කුහකයන් නොවන බව මා විශ්වාස කළා. මං ගොඩක් අමාරුවෙන් ගොඩනඟා ගත්ත මගේ ජීවිතේ මගේ වටිනාකම හැම මොහොතකම මතක තියාගෙන තමයි මේ ගමන යන්නේ. මේ යන ගමනේදී අප නොදන්න අය අපිට මුණ ගැසෙනවා. ඒ අය පෙරත් මේ හතුරෝ වෙන්නත් පුළුවන්. ඒත් මේ සමාජය ඒ වගේ මානසික රෝගීන් තෝරා ගෙන ඇසුරු කිරීම තුළ අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුලුවන්. ගොඩක් මිනිස්සු තේරුම් ගත්තෙ නැති දෙයක් තමයි තමන්ගේ ජීවිතයේ ලැබී තිබෙන වටිනාකම කිසි කෙනෙකුට ඉරිසියා නොකර ගරු කරමින් අන් අයගේ ජීවිතයට හානි නොකර ‍ප්‍රසිද්ධ මිනිස්සු ප්‍රසිද්ධිය ලබන්න හැමවිටම උත්සහ කරන්නේ අප්‍රසිද්ධියේමයි. මේ හැමදේට ආයුෂ කොටයි. හැමෝම මහන්සි වෙන්නේ සතුටින් ඉන්න. හැබැයි ඉතින් බඩට වේලක් කන්න තව කෙනෙක්ගෙ ජීවිතයකට හානියක් කරලා කන කෑම දිරවන්නෙ නැහැ. කිසි කෙනෙකුට වෛර නොකරන්න, හිංසා නොකරන්න එතකොට අපිට සතුටින් මැරෙන්න පුළුවන්."

ලෙසත් සඳහන් කරලා තිබුනා.  තවත් කරුණු බොහොමයක් ඉදිරිපත් කරන ඇය යම් කිසි හේතුවක් නිසා මෙවැනි ප්‍රකාශයක් ඇගේ සමාජ මාධ්‍ය තුළට යොමු කරන්නට ඇති.

May be an image of 1 person and smiling

May be an image of 2 people and people smiling

May be an image of 1 person and smiling

May be an image of 1 person

May be an image of 1 person

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 October 2021 20:59