May 04, 2024

රෝහිතගේ පූසා හමුවෙයි: ඉඳලා තියෙන්නෙත් මරු තැනක

අග්‍රාමාත්‍යවරයාගේ දෙවැනි පුත්‍රයා වූ රෝහිත රාජපක්ෂ මහතාගේ නැති වූ පූසා හමු වී ඇති බව වාර්තා වනවා.

ඒ අසල්වැසි නිවසෙන්.

අසල්වැසි නිවස

අසල්වැසි නිවසේ අයිතිකරු වන්නේත් සුප්‍රසිද්ධ පුද්ගලයෙක්.

ඒ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා.

සේනාධිපති මහතාගේ නිවසේද පුසන් 35 ක් සිටින බවත් මේ සිද්ධිය සමගම හෙළිදරව් වී තිබෙනවා.

මුහුණු පොත සටහන

රෝහිත රාජපක්ෂ මහතාගේ පූසාගෙ සිද්ධිය ප්‍රසිද්ධියට පත්වූයේ නැති වූ තම පූසා සොයා දෙන මුහුණු පොතේ පළ කළ සටහනක් නිසා.

ඒ නිසාම පූසා නැති වූ සිද්ධියට විශාල ප්‍රචාරයක් ලැබුණා.

දැන් එම සටහන රෝහිත රාජපක්ෂ මහතා ඉවත් කර ගෙන තිබෙනවා.

රු. ලක්ෂ ගණනක් වටිනා එම පූසා සොයා දෙන කෙනෙකුට වටිනා ත්‍යාගයක් දෙන බවටත් රෝහිත රාජපක්ෂ මහතා මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

මෙම සිද්ධිය සිදු වූයේ රෝහිත රාජපක්ෂ මහතා පදිංචිව සිටින බැද්දගාන ප්‍රදේශයේදී.

Rate this item
(4 votes)
Last modified on Monday, 04 October 2021 21:10