May 20, 2024

මෙගා ස්ටාර් තරගාවලියේ අනුශුරතාවය දිනාගත් ශනුද්‍රි සංවේදීව එකතු කළ සටහන

ශනුද්‍රි ප්‍රියසාද් කියන චරිතය පිළිබඳ මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. ඒ තරමට ඇය මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. කොහොම නමුත් ඇයට ඊයේ දිනය ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්ව තිබුණා. ඊට හේතුව වෙන්නේ ඇය හිරු මෙගා ස්ටාර් වේදිකාව තුළ නර්තනයෙන් සිය හැකියාවන් රටටම පෙන්වීමයි

කොහොම නමුත් ඇය හිරු මෙගා ස්ටාර් වේදිකාවේ අවසන් මහා තරගය දක්වාම කවිදු සමගින් තේරී පත්වුනා වගේම හිරු මෙගා ස්ටාර් ගරෑන්ඩ් ෆිනාලේ බවටත් පත්වුනා. ඉතින් ඇය කවිදු සමගින් එක්ව ඉතාමත් විශිෂ්ට අයුරින් නර්තනයේ යෙදුනා.

ඉතින් ලාංකීය ජනයාගේ ආදරය ඔවුන් දෙදෙනාටම එක ලෙස හිමිවුණා. ඒ කොහොම උනත් එලෙස අවසන් මහා තරගයට තරගකළ ඇයට හිමිකර ගැනීමට හැකිවූයේ තරගාවලියේ අනුශුරතාවයයි. ඉතින් මෙම තරගාවලියේ ශුරතාවය දිනා ගත්තේ ඩිස්නි රාජපක්ෂ විසිනුයි.

ඒ කොහොම වුනත් ශනුද්‍රිගේ ලොකුම සහයෝගය වුනේ කවිදු තමයි. ඇත්තෙන්ම ඔවුන් අනුශුරතාවය ලබාගැනීමත් ලොකු ජයග්‍රහණයක් බවට පත්වුණා. ඉතින් එලෙස ඊයේ දිනයේ ලබාගත් ජයක්ග්‍රහනය ගැන පුංචි දුකක් වගේම ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් දනෙන බවයි ඇය සිය සමාජ මාධ්‍ය ගිනුම්වලට සටහනක් එකතු කරමින් කියල තිබුනේ. ඉතින් ඇය සිය සමාජ මාධ්‍ය ගිනුමට සටහනක් එක්කරමින් කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” ඔයාලා දෙන ආදරයට ගොඩක් ස්තුතියි. ඒත් ඔයාලගේ වොට් වලට උපරිම උත්සහ කරලත් සාධාරණයක් කරන්න බැරිවුණ එකට සමාවෙන්න.හැමදාමත් මත එක්ක රැදිලා ඉන්න.යාළුවො හැමෝටම ගොඩක් ස්තුතියි ආදරෙයි.” කියලයි. ඒ වගේම ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමටත් සුවිශේෂ සටහනක් එකතු කර තිබුණා. එහිදී ඇය කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි.

” ඔබ නොමැතිව මෙතරම් දුරක් එන්න බැහැ. මේ ගමන පුරාවටම ඔබ සැම දෙන සහයෝගයට බොහොම ස්තුතියි. මට එන දිගු මැසේජ් ඇමතුම් බොහෝ ප්‍රමාණයක් පිරී තියෙනවා.මම ජයග්‍රාහකයා වගේ. මගේ එකම ඉලක්කය වුනේ තරගය පුරා සිදූවු සියලු දුෂ්කරතා සමග ඊයේ රාත්‍රියේ සජීවීව රඟ දැක්වීමයි.

එය සැබෑවක් වුනා.මගේ පවුලේ අය , මිතුරන්,සහ ඔබ සැම මෙය දැන් කියවනවා ඔබ සැමට බෙහෙවින්ම ස්තුති වෙමි. කවිදු මධුෂාන් යමෙකුට වැඩ කල හැකි වඩාත්ම වෘත්තීය නර්තන ශිල්පියා . ස්තුතියි යාලුවා. සෑම තත්වයකින්ම මම යමක් ඉගෙන ගන්නෙමි. මෙවර සැබෑ ජයග්‍රහකයින්න් හදවතේ සිටි. කුසලානයේ ප්‍රමාණයෙන් නොව ත්‍යාගයේ ප්‍රමාණයෙන්ද නොවේ.” කියලයි.

Rate this item
(38 votes)