May 02, 2024

දිනක්ෂි සහ සාරංග මව්පිය පදවි ලබයි

September 27, 2021

දිනක්ෂි සහ සාරංග කියූ සැනින් ඔබේ මතකයට එන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්. බොහෝ දෙනෙකු දන්නා පරිදි දිනක්ෂි, පසුගිය දිනවල මව් පදවියට සුදානමින් සිටියා. ඔවුන් ඒ ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කරමින් තමයි හිටියේ.

නමුත් ඔවුන් ලැබෙන්නට සිටින දරුවා ගැහැනුද, පිරිමි ද යන්න හෙළිකර සිටියේ නෑ. කොහොම නමුත් ඊයේ (26) දිනයේ දිනක්ෂි, සිඟිති දියණියකට උපත ලබා දී තිබෙන බව ඇයගේ නැගණිය වන ශනුද්‍රි සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී ඒ බව තහවුරු කර සිටියා.

එහිදී ශනුද්‍රි පැවසුවේ තමා දැන් පුංචි කෙනෙකු බැවින් වෙනසකට මුල පුරමින් සතුටින් සිටින බවයි. එහිදී ඇය තවත් කියා සිටියේ සැප්තැම්බර් මාසය ඇයගේ උපන්දිනය යෙදී තිබීම ගැන තමා තවත් සතුටු වන බවයි.

එමෙන්ම ශේෂාද්‍රි පියා සමඟින් සම්බන්ධ වූ වැඩසටහනකට එක් වූ අතර එහිදී නිවේදකයා විසින් සාරංගට වගේම දිනක්ෂිටත් සුබ පැතුම් එක් කළා.

Rate this item
(14 votes)
Last modified on Monday, 04 October 2021 17:54