May 20, 2024

“ශලනි මාත් එක්ක රඟපෑමට ඇවිල්ලා ගත්තේ ලොකු රිස්ක් එකක්” - සචින් ලියනගේ

September 28, 2021

මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය කියලා කියන්නේ යූ ටියුබ් මාධ්‍ය ජාලයේ ට්‍රෙන්ඩින් වන නාට්‍යයක් කියලා කිව්වොත් නිවැරදියි. ධනුෂ්ක රත්නායකගේ නිර්මාණ අධ්‍යක්ෂනයෙන්, මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ රචනයත් එක්ක හැඩගැන්වුණු කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය ගොඩක් රසික ජනතාව ආදරයෙන් වැළඳ ගත් නිර්මාණයක් විදිහට අපිට හඳුනාගන්නට පුළුවන්.

 ශලිනි තාරකා, දුලීකා, ප්‍රියන්ත, මීනා, යශ් වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමග නව පරපුරේ රංගන ශිල්පියෙක් වන සචින් ලියනගේ තමයි ශලිනි තරකාත් සමඟ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ.

සචින් කියන විදිහට නම් ඔහු කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ  නිර්වාන් කියන  ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඒත් සමගම සචින් කියන්නෙ  ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය නිරූපණය කරන පළවෙනි අවස්තාව මෙය බවයි. ඔහුට මේ නිර්වාන් කියන චරිතය බොහොම අභියෝගාත්මක චරිතයක් වුණා කියලා තමයි සචින් කියන්නේ. ඒකට හේතුව විදිහට අනුත්තර සහ නිර්වාන් කියන චරිත දෙකම ඔහුට මේ නාට්‍ය තුළ නිරූපණය කරන්නට වෙලා තිබෙනවා.

බොහෝ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ දී ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබෙන උදව් උපකාර අඩුයි කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් ඔහු කියන විදියට නම් ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ඔහුට ලැබුණේ පුදුමාකාර සහයක්ලු. ඒ අතර දුලීකා, ප්‍රයන්ත, මීනා වගේ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ ඇසුරත් ඔහුට ලැබුණා කියල කියනවා. ශලිනි තාරකා සමඟ තමයි ඔහු මෙහිදී ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. කොහොම වුණත් ශලිනි ගෙන් ඔහුට ලැබුණු උපකාර නම් අතිමහත් කියලා සචින්   කියනවා.

 සමාජ මාධ්‍ය ඇතුලෙනම් බොහෝ ප්‍රතිචාර ඔවුන් දෙපලටම රසිකයන්ගෙන් ලැබුණා. මේ නිසාම තමයි youtube මාධ්‍යයේ ඔවුන්ගේ වීඩියෝ පට trending වෙලා තිබුනේ. කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ  නව තේමා ගීතය පසුගියදා පිටත් වුණා. මෙහිදී ඔවුන් දෙපළ ම, ශලිනි සහ සචින් ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ සජීවීව ඔවුන්ගේ අදහස් රසිකයන්ට ප්‍රකාශ කළා. ඒත් සමගම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා  කැමරා ශිල්පීන් වගේම  නව ගීතයේ අයිතිකරුත් ඔවුන්ගේ සජීවී ඉදිරිපත් කිරීම් වෙනුවෙන් එකතු වෙලා තොරතුරු ඉදිරිපත් කළා. ඉතින් මේ ගීතය අද වෙනකොට යූටියුබ් මාධ්‍යවල ඉහළම ප්‍රතිචාර ලබමින් විකාශනය වෙනවා.

ඉතින් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පී සචින් ලියන්ගේ ගේ ඉදිරි කලා කටයුතු වලට සුබ පැතුම් එක් කරන ගමන්ම කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ඉදිරි වැඩ කටයුතු සඳහාත් සුභ පැතුම් එක් කරනු ලබනවා.

Rate this item
(7 votes)
Last modified on Monday, 27 September 2021 20:28