May 02, 2024

"ජනප්‍රිය වුණහම හැමෝම ආදරෙයි කියනවනේ - ඒත් මම තාම පොඩි කෙල්ලක්" - ශනුද්‍රි ප්‍රියසාද්

September 27, 2021

කලා ලෝකය තුළ ජනප්‍රියතාවයට පත් වෙච්චි කොයි කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ. ඉතින් මේ පවුලෙ ආදරණීය සහෝදරියන් තුන්දෙනා ගැන කතා කරද්දී ඔවුන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.

මේ දියණිවරුන් තිදෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා නිතැතින්ම ඔවුන්ටත් කලා ලෝකයේ දොරගුළු විවර වෙනවා. මේ අපූරු සහෝදරියන් අතරින්  ශනුද්‍රි  ප්‍රියසාද්  කියලා කියන්නේ  පවුලේ බඩපිස්සා. 1997 සැප්තැම්බර් 8 වන දින උපත ලබන ඇය මේ වෙද්දී දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් ක්ෂේත්රයේ වැඩකටයුතු කරගෙන යනවා.

රංගන ශිල්පිනියක් වශයෙනුත් ,නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වශයෙනුත් විවිධ දක්ෂතාවයන් ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නමක් රඳවාගන්නා මේ අපූරු තරුණිය මේ වෙද්දි  ටෙලිනාට්‍ය ගණනාවකටම තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නා. ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර  ‘දෙවැනි ඉනිම’  ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

නමුත් මේ  ටෙලි නාට්‍යය මෙගා ටෙලි නාට්‍යයක් නිසා එකෙන් ඉවත් වෙන්න ශනුද්‍රි තීරණය කරනවා. ඊට පස්සේ හිරු නාලිකාවේ මේ දිනවල වැඩි වශයෙන් බොහෝ දෙනෙක් නරඹන  “දිවිතුරා” ටෙලි නාට්‍යයේ ‘ඊෂා’ නැමැති  චරිතය නිරූපණය කරන්නේ ඇය විසින්.

අක්කලා දෙන්නම විවාහ ජීවිතයට ඇතුළත් වන නිසා තාමත් ගෙදර තනිකඩව ඉන්නේ ශනුද්‍රි විතරයි. ආදරේ සම්බන්ධව ඇගෙන් විමසන විට ඇය සඳහන් කරන්න හරි අපූරු දෙයක්. ශනුද්‍රි  කියන්නේ මේ දවස් වල ජනප්‍රිය නිසා ගොඩක් වෙලාවට ආදර යෝජනා එන එක වළක්වන්න බැහැ කියලයි. වගේම ඇයටත් නොයෙකුත් ආකාරයේ  ආදර යෝජනා එන අතර නමුත් තවමත් ඇය පෙම්වතියක් නොවන බවත් තාම පොඩි කෙල්ලෙක් නිසා තව චුට්ටක් ලොකු වෙලාම ඒව ගැන හිතනවා කියලා ඇය සඳහන් කර තිබ්බා.

Rate this item
(23 votes)
Last modified on Sunday, 26 September 2021 20:09