May 20, 2024

“අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන, උතුම් රටේ ශ්‍රී ලාංකික පිරිමි” - ශලනි රිදෙන්නම කියපු කතාව

September 24, 2021

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය සම්මානනීය නිළියක්. බොහෝ දෙනාගේ ආදරය ආකර්ෂණය දිනා ගත්ත ශලනි මේ දිනවල නිරන්තරයෙන්ම පුංචි තිරය හරහා දැකගන්න පුළුවන්.

පසුගිය දිනක ඇය සිය මුහුණු පොතට එක් කළ ඡායාරූපයක් නිසා ඇතැම් පිරිස් නින්දිත අයුරින් එම ඡායාරූපය සඳහා කමෙන්ට්ස් ලබාදී තිබුණා.

කෙසේ නමුත් මෙවැනි දෝෂාරෝපණ හමුවේ නොසැලී ඉදිරියට යන මේ අපූරු තාරකාවිය එලෙස ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වෙමින් අපූරු පිළිතුරු කමෙන්ටුවක් තබා තිබුණා .

එහි සඳහන් වූයේ මෙවැන්නක් ..

“බොහොම ස්තූතියි හැමෝගෙම ආදරණිය අදහස්වලට ඒවගේම අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන අයියලා මල්ලිලාටත්, ඔයාලා තමා මගේ ගමනේ ශක්තිය, ජීවිතේ එක් ඛේදවාචකයකින් ඇදවැටුනු මට මේ තරම් උඩන එන්න සවියක් වුනේ ඔය දෙගොල්ලන්ගෙම වචන. තව අවුරුදු 100ක් ගියත් ඒ පරණ මඩ වලේම පිනුම් ගහන්න ආස කණ්ඩායමටත් මගේ උපහාරය. එතනින් 99%ක්ම උතුම් රටේ ශ්‍රී ලාංකීය පිරිමි”

Rate this item
(3 votes)
Last modified on Thursday, 23 September 2021 21:42