May 19, 2024

"මම රඟපාපු චිත්‍රපට එද්දී මම කසාද බැඳලා ළමයිනුත් හම්බවෙලා තියෙයි" - ශලනි තාරකා කියූ කතාව

September 23, 2021

රූපවාහිනිය මෙන්ම සිනමාවද ජයගත් කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ඇය වසර 24කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නටත් වාසනාවන්ත වුණා. කොහොම නමුත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළන අහන්න දකින්න ලැබෙන්නේ නම් ශලනි රංගනයෙන් සමුගෙන බවයි. ඉතින් ඇත්තටම මොකක්ද මේ කතාව කියලා හරියටම දැන ගන්න පහුගිය දවසක පුවත්පතක් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. මට කොරෝනා හැදුන නිසා පහුගිය ටිකේම මම ගොඩක් විවේකිව හිටියා. වෛද්‍යවරු කිව්වෙත් පුළුවන් තරම් විවේකීව කාලය ගත කරන්න කියන දේ. ඒ නිසා මාසයකට ආසන්න කාලයක් වෙනවා දැන් ගෙදරට වෙලා. ඉතින් ඒ කාලේ ලැබුණු පිටපත් කියවන එක සහ මගේ යූටියුබ් නාළිකාවේ ඉදිරි වැඩ සැලසුම් කිරීම කළා. ඒ අතරේ මේ කොරෝනා නිසාම අසරණ වෙලා ඉන්න පවුල් වෙනුවෙන් පරිත්‍යාග ලබාදීමේ පොඩි වැඩක් පටන් ගත්තා.

මම රංගනයෙන් සමුගන්නවා කියලා කොහේවත්දීවත් කියලා නැහැ. මම කිව්වේ කොවිඩ්-19 වැළඳීම නිසා තාවකාලිකව ඉවත් වෙනවා කියන එක. යූටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යවල වැරදි ප්‍රචාරයක් ගිහිල්ලා තිබ්බා මම රංගනයෙන් ඈත් වෙනවා කියලා. මටත් කිහිප දෙනෙක්ම කතා කරලා ඇහුවා ඇයි අයින්වෙන්නේ කියලා. මේ තත්ත්වය පොඩ්ඩක් අඩු වෙනකම් මම රූගත කිරීම්වල‍ට සහභාගි වෙන්නේ නැහැ. කියාදෙන්න ආදරේ තරම් නාට්‍යය නම් කෙටි කාලයකට නතර කරලා තියෙන්නේ. චලෝ නිර්මාණයේ නම් රූගත කළ කොටස් තියෙන නිසා ඒවා විකාශය වෙනවා. ඉතින් ඒ වගේම MAKE UP මම අධ්‍යක්ෂණය කරපු පළමු කෙටි චිත්‍රපටය. ඉතින් කෙටි චිත්‍රපටයක් කරන්න හිතුවේ ගිය අවුරුද්දේ ලොක්ඩවුන් එකේදී. සියල්ල සැලසුම් වෙද්දී රට විවෘත වුණා. ඊට පස්සේ ලොක්ඩවුන් එකෙන් පස්සේ තමා රූගත කළේ. මේ නිර්මාණය කළේ නිකන් ඉන්න කාලය අපරාදේ නිසා අපි සතු හැකියාවන් වර්ධනය කර ගන්න.

කොහොම නමුත් අද සිනමා නිර්මාණ කරත් තිරගත වෙන්න යන කාලය එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් චිත්‍රපට එද්දී මම කසාද බැඳලා ළමයිනුත් හම්බවෙලා තියෙයි. සිනමා නිළියක් කියන එක අතීතයේදී නම් හොඳයි. අද චිත්‍රපට බලන්න යන්නේ කවුද? කියන ප්‍රශ්නය එක්ක මම හිතන්නේ මම වාසනාවන්තයි කියලා. පුංචි තිරයේ ප්‍රේක්ෂකයාට දැනෙන නිර්මාණ කරන්න මට අවස්ථාව ලැබුණා. මමත් විවාහ වෙන්න ඕනේ, නමුත් මගේ වයස යනවා කියලා විවාහ වෙන්න කැමති නැහැ. මාත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ලැබුණු දවසට මම විවාහ වෙනවා. මම කැමති නැහැ කසාද බැඳලා ඩිවෝස් වෙන්න. සමාජයෙන් ප්‍රශ්න අහනවට මම බඳින්න කැමැත්තක් නැහැ. මේ මගේ ජීවිතේ නිසා හරිම කෙනා ලැබුණොත් බඳියි. නැත්නම් නොබැඳ ඉඳියි. ඒ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 21:33