May 20, 2024

ශලනි තාරකා සිය මවගේ උපන්දිනය පවුලේ සාමාජිකයන් සමගින් එක්ව සැමරූ හැටි (PHOTOS)

September 18, 2021

ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ සිටින රංගන ශිල්පිනියන් අතරින් සම්මාන පිට සම්මාන ජයක්ග්‍රහනය කළ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. කොහොම නමුත් විවිධ චරිත ඔස්සේ සිය රංගන හැකියාව පෙන්නුම් කරන ඇය මේවෙද්දී ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම රංගන ශිල්පිනිය වෙනවා.

ඇත්තෙන්ම රංගන ශිල්පිනියක ලෙස තමන් බාරගන්නා සියලු චරිතවලට සාධාරණයක් ඉටුකරන යොවුන් රංගන ශිල්පිනියක ලෙසින් අපට ඇයව හදුන්වන්න පුලුවනි. ඒ හේතුව නිසාවෙන්ම ඇගේ නිරමාණ වටා හැමෝම ලාංකීය ප්‍රේක්ෂකයන් රැසක් එක්රොක්ව සිටිනවා.

කොහොමහරි ඉතින් ඊයේ දිනය ශලනිට සුවිශේෂ දිනයක් බවට පත්ව තිබුණා. ඊට හේතුව වනුයේ ඊයේ දිනට ඇගේ ආදරණීය මවගේ උපන්දිනය යෙදී තිබීමයි. ඉතින් ඇයගේ ආදරණිය මව සුරාජි ඊයේ සිය උපන්දිනය සමරා තිබුනා. කොහොම නමුත් රටේ පවතින වර්තමාන තත්වය නිසාවෙන්ම ශලනි ආදරණිය නැගණියත් සමගින් එක්ව මවගේ උපන්දිනයට උපන්දින කේක් එකක් සහ සැරසිලි ඉතාමත් අපූරුවට නිර්මාණය කර තිබුනා. ඉතින් ඇය සිය මවගේ උපන්දිනය සැමරීම සදහා ඉතාමත් චාම් උත්සවයක් සංවිධානය කර තිබුණා.

කොහොම නමුත් ශාලනිගේ මවත් සිය දියණිය මෙන්ම කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ආදරණිය රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇයත් ඉතාමත් නිහතමානී ආදරණිය චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි. ඉතින් ඇගේ ඒ නිහතමානී ගතිගුණ ශලනිටත් එලෙසින්ම පිහිටා තිබෙනවා.

Rate this item
(6 votes)
Last modified on Saturday, 18 September 2021 16:53