May 04, 2024

මව් පදවිය ලැබූ දෙවෙනි ඉනිමේ අමීෂා උතුරායන මව් සෙනෙහසින් හෙලිකල කතාව

September 12, 2021

අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජුලා රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් චරිතයක් වුනේ ඇය රඟපාන දෙවෙනි ඉනිමේ අමීෂාගේ චරිතය හරහායි. කොහොම නමුත් ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක් වන අංජුලා මේ වනවිට කළා ක්ෂේත්‍රයේ ඉතාම සාර්ථක ලෙස දිගු ගමනක් ඇවිත් තියනවා. ඉතින් ඒ වගේම ඇය පසුගිය වසරේ විවාහ වුනු පුවතත් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඒ වගේම ඇය සමඟ විවාහ වුනේ ජනප්‍රිය වේදිකා නාට්‍ය ශිල්පියෙකු වන රංග වීරකෝනුයි. ඉතින් ඊට පස්සේ අංජුලා පහුගිය දවසක උතුම් මව් පදවිය ලබපු පුවතත් අපි ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් මේ දෙන්නගේ ආදරණීය පුංචි කැදැල්ල දැන් පුංචි පැටියෙකුගේ කිරි සිනහවෙන් හැඩවෙලා තව තවත් ලස්සන වෙලයි තියෙන්නේ.

ඉතින් මේ දවස් වල ඇය ගෙදරම ඉන්න නිසා ඇයගේ පෞද්ගලික ජීවිතේට හොඳ නිවාඩුවක් ලැබිලා තියනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ නිසාම ඇයගේ පුංචි කුමාරයත් එක්ක ඇය දවස ගත කරනවලු. ඉතින් ඇය දැන් අම්මා කෙනෙක් නිසා ඒක ඇත්තටම ලොකු සතුටක් වගේම අමුතු හැගීමක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ චූටි පුතාගේ හුරතල් බල බල ඉද්දි දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ කියලත් අංජුලා කියනවා. කොහොම වුනත් ඇය දැන් ගෙවන අලුත් ජීවිතේ වගකීම් නම් වැඩියි කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ සැමියත් එක්ක වගකීම් බෙදාගෙන හොඳින් විවාහ ජීවිතේ ගත කරනවලු. ඉතින් ඒ වගේම ඇයව තේරුම් අරන් ඇයගේ වැඩ කටයුතු සාර්ථක කර ගන්න රංගගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා කියලත් ඇය කියනවා. 

Rate this item
(14 votes)
Last modified on Sunday, 12 September 2021 16:30