June 18, 2024

තිලකරත්න ඩිල්ෂාන්ගේ බිරිඳ සංවේදීව කිව්ව කතාව මෙන්න

September 12, 2021

තිලකරත්න දිල්ෂාන් යනු ක්‍රිකට් වංශ කතාවේ රන් සලකුණකි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන දැන් ඔහු තම බිරිඳ සහ දරුවන් සමඟ ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවෙ වන අතර තිලකරත්න දිල්ෂාන් දරුවන් හතර දෙනකු ගේ ආදරණීය පියෙක්. තම  බිරිද වන රංගන ශිල්පිනී මංජුලා තිළිණි සමග ඕස්ට්‍රේලියාවේ ජීවත්වන තම වැඩිමහල් දියණියගේ දහතුන්වන උපන්දිනය පසුගිය දා සමරා තිබුනා.

එම අවස්ථාවේ ඔවුන්ට දැනුණු සිතුවිලි ඉතාමත් සංවේදී ව ඔවුන් තම මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුනා.

“ජීවිතේ පළවෙනි වතාවට අම්මා කියන උතුම් වචනය මම ඇහුවෙ ඔයාගෙන් පුතේ. හුස්ම හිරවෙන්න තරම් ආදරයක් දැනුණ දවස ඔයා ඉපදුන දවස. අදට ඔයාට අවුරුදු දහතුනක් කාලය ගෙවුණු ඉක්මන.. මේ ලෝකයේ හොඳ නරක තේරුම් ගෙන උතුම් ගති ගුණවලින් පිරිපුන් දරුවෙක් කරන්න තාත්තත් අම්මත් නොකරපු දෙයක් නෑ පුතේ.. ජීවිතය ගැන තේරුම් ගන්න පටන් ගැන්ම තමයි මේ..”

Rate this item
(13 votes)
Last modified on Saturday, 11 September 2021 22:35