May 04, 2024

"අනුහස්ගෙන් ලැබෙන සහයෝගය මාරයි" - දෙවෙනි ඉනිමේ ආක්ෂා කියූ කතාව

September 11, 2021

නෙත්මි රොෂෙල් කියනවට වඩා ගොඩක් දෙනෙක් නම් දන්නේ වෙන නමකින්. ආක්ෂා කිව්වම ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්. ඉතින් දෙවෙනි ඉනිම හරහා ලොකු ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත්ත කෙනෙක් විදියට එයාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනි ඉනිම විතරක් නෙවෙයි ඇය තවත් නාට්‍ය කිහිපයක් හරහාම ප්‍රේක්ෂක ආදරය උපරිමයට ලබා ගත්ත චරිතයක්. ඉතින් මෙවර ඒෂියන් මිරර් අපි සමඟ සාකච්ජාවට එකතු වෙන්නේ නෙත්මි රොෂෙල්. 

සම්පුර්ණ නම?

නෙත්මි රොෂෙල් රොජර්ස් 

වයස?

අවුරුදු 22

පවුලේ විස්තර? 

අම්මා, තාත්තා, නංගි, මල්ලි. මට තව වෙනම ලොකු පවුලක් ඉන්නවා. බල්ලෝ 5යි, පූසෝ 4යි. 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද? 

ෂූටින් පටන් අරගෙන පොඩ්ඩක් බිසී වෙලා ඉන්නේ. 

ග‌ෙනාපු තැනටම ගිහින් දාන්න කියලා අම්මා හොඳටම බැන්නා... - Nethmi Roshel  Rogers - Lakvahini Gossip | Gossip Lanka News | Gossiplanka | Hirugossip |  Hiru Gossip | Neth Gossip | Gossip99 | Lanka Gossip9

අම්මයි, තාත්තයි කැමති වුණාද රොෂෙල් රඟපාන්න එනවට? 

තාත්තා කැමති වුනේ නැහැ. හැබැයි අම්මා කැමතියි. අම්මා කොහොමත් හරිම කැමතියි කලාවට. තාත්තා කැමති වුනේ නැහැ. ඒ අර මම ගෑනු ළමයෙක් නිසාත් මේ සමාජයේ තියෙනවා ගෑනු ළමයෙක්ට මේ ක්ෂේත්‍රයේ ඉන්න බැහැ කියලා එකක්. හරි අමුතු තැනක් කියලා එකක් තිබ්බා මම එද්දී. දැන් අවුරුදු 2කට විතර කලින්. දැන් එහෙම එකක් නැහැ මොකද දැන් මගෙත් එක්ක හැමතැනටම තාත්තා තමයි ගොඩක් දැන් යැවෙන්නේ. මම මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනෙම ක්ෂේත්‍රයක ඒක දකිනවා. විශේෂයෙන් ගෑනු ළමයෙක් තැනකට ගිහිල්ලා ඉන්න විදිය අනුව තමයි අපිට එන්නේ ෆීඩ් බැක් එක. අපිට ඕනේ දෙයක් එන්නේ අපි හැසිරෙන විදිය, කතා කරන විදිය, අපි ඉන්න විදිය එක්ක. අපි හරියට ඉන්නවා නම් අපිට ඕනෙම තැනක හරියට ඉන්න පුළුවන්. දැන් මට එහෙම ප්‍රශ්නයක් නැහැ මට දැන් වැඩිපුරම සපෝර්ට් එක හම්බ වෙන්නේ තාත්තාගෙන්. 

පාසල් කාලේ ගැනත් මතක් කරමු?

මම නම් පොතේම ඉන්න කෙනෙක් නෙවෙයි. ඉස්කෝලේ තිබ්බ බාහිර වැඩ හැමදේම කරපු කෙනෙක්. ඉස්කෝලේ වැඩ ටිකත් කළා. ඒ වුණාට හරි දඟයි ඉතින්.

දෙවෙනි ඉනිමේ ආක්ෂාගේ චරිතයට ඉහල ප්‍රතිචාර ලැබෙනවා නේද? 

ඔව් අනිවාර්යයෙන්. මගේ තුන් වෙනි ටෙලි නාට්‍ය. ඒ වුනාට මිනිස්සු මාව ගොඩක් වැළඳ ගත්තේ ඒ ආක්ෂා කියන චරිතය හරහා. මගේ පාසල් කාලයේ මට ගොඩක් කතා කලේ නෙත්මි කියලා. අවුරුදු කුමාරි වෙනවා එක්කම රොෂෙල් කියලා මට කතා කරන්නේ. හැබැයි දැන් ගොඩදෙනෙක් මට කතා කරන්නේ ආක්ෂා කියලා. මමත් නොදැනිම මමත් ඒකට හැරෙනවා. ආක්ෂා කියන නම ඒ තරමට මිනිස්සු වැළඳගෙන ඒ චරිතය. 

Nethmi Roshel Beautiful Sri Lankan Actress in Grey Outfit

ඉතාම කෙටි කාලයකින් මෙතරම් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හේතු වුණේ මොකක්ද?

දක්ෂතාවය කොච්චර තිබ්බත් මිනිස්සුන්ට මතකයේ රැදෙන දේ තමයි අපේ රූපය. මගේ පලවෙනි නාට්‍ය සක්කාරං. එකේ මම ජයවතී. ජයවතී කියන චරිතය ඇතුලේ රොෂෙල් කියන කෙනා වෙනස්ම කෙනෙක්. එතකොට මිනිස්සුන්ට කොහොමත් මතක හිටින්නේ ඒ රූපය. එතකොට ලස්සන කියන එකත් අනිවාර්යයෙන්ම බලපානවා ඒකට. අවුරුදු කුමරිය ජයග්‍රණය කරලා තමයි මම මේ තැනට එන්නේ. මම අවුරුදු කුමරිය තරගයට ගියේ ක්ෂේත්‍රයට එන්න නෙවෙයි. එහෙම එකක් මගේ හිතකවත් තිබ්බේ නැහැ. ලස්සන වගේ ම දක්ෂතාවය කියන දෙකම බලපානවා.

ප්‍රවීණයන් සමඟ ගත කරන ජිවිතේ ගැන මොකද හිතන්නේ?

දෙවෙනි ඉනිම, රාවනා, හිරු ඇවිදින්, සක්කාරං හතරේම මට හම්බුනා ප්‍රවීණයන්. මම රංගනය හදාරපු කෙනෙක් නෙවෙයි. මම නර්තනය හදාරලා තියෙනවා. ප්‍රවීණයන් වගේම මගේ කෘ එක නිසා තමයි මම ඉගෙන ගත්තේ. එයාලා අපිට සපෝර්ට් කලේ නැත්තම් අපි බයවෙනවා. පලවෙනි දවසේ කාවින්ද්‍යා අක්කා මට වෙල්කම් එකක් දීලා හරි මෙහෙමයි කියලා, අනුහස් අයියා මෙහෙමයි නංගී කියලා මාව වෙල්කම් කලේ නැත්තම් මම බයවෙනවා. ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මාරම ලොකු දෙයක්. 

Nethmi Roshel Rogers | SESATHA Fashion

අනුහස්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ආක්ෂා කියන චරිතය මිනිස්සු මේ තරම් හොඳට වැලදගන්නේ අනුහස් කියන චරිතෙන් එන සහයෝගය නිසා. ඒ චරිතයෙන් එන සහයෝගය මාරයි. ලොකු සහයෝගයක් ලබා දෙනවා. අයියයි මමයි කරන හැම සින් එකකදීම අපි මෙහෙම කරමු කියලා මාරම ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා. මට දෙවෙනි ඉනිමේ පලවෙනි දවසේ ඉදලා ලොකු සහයෝගයක් ලැබෙනවා.

නෙත්මිගේ කළා කටයුතු අධ්‍යාපනයට වුණාද?

රංගනය බාධාවක් වෙන්නේ නැහැ ඒක මැනේජ් කරෙගන කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි මාසයක් විතර එක දිගට අවොත් පොඩි ගැටළුවක් වෙනවා. ඒත් මැනේජ් කරගෙන කරන්න පුළුවන්.

අලුත් නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවද?

එක ෆිල්ම් එකක් කළා. ඒකෙ ඩබින් තියෙනවා. තව ෆිල්ම් එකක් පටන් ගන්න තියෙනවා. තවම ඒක ගැන අයිඩියා එකක් නැහැ. 

Cute Looking Nethmi Roshel with Cute Puppy

නෙත්මි දැන් ජනප්‍රියයිද?

ඔව් යම්කිසි ජනප්‍රියත්වයක් තියෙනවා. දෙවෙනි ඉනිමේ ආක්ෂා චරිතය, සුපර්නිකා චරිතය හරහායි. ඒක අපිට තේරෙන්නේ මිනිස්සු අතරට ගියහම. ඒ මිනිස්සු කතා කරන විදියෙන් වගේම වෙල්කම් එක දෙන විදිහෙන්. යම් ජනප්‍රියත්වයක් තියෙනවා මිනිස්සුන්ගේ ආදරයක් ලබාගෙන.

ඉදිරි බලාපොරොත්තු?

මට ඕනේ මේ ඉන්න වෙලාව ලස්සනට සතුටින් ගත කරන්න. මගේ පළවෙනිම දේ තමයි මේ මොහොත. ඩිග්‍රි එක ඉවර කර ගන්න තියෙනවා. ඒ වගේම තව නිර්මාණ ටිකක් කරන්න තියෙනවා. කොරෝනා එක්ක පස්සට ගිය වැඩ ගොඩයි. 

ඉතින් අපි නෙත්මිගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

Cute Looking Nethmi Roshel with Cute Puppy

Rate this item
(5 votes)
Last modified on Friday, 10 September 2021 21:04