May 18, 2024

"මම එයාව දකින්න පෙරුම් පිරුවා" - හෙක්ටර් ඩයස් අතුල ගැන කියන කතාව මෙන්න

September 09, 2021

එදා ලයාන්විතව හදවතට දැනෙන්න ගීත ගායනා කරපු ඒ සොදුරු හඬ කිසිදු වෙනසක් නැතිව අපට ඇහෙනවා. ඒ හඬේ හිමිකරු ප්‍රවීණ ගායන ශිල්පී අතුල අධිකාරි. ගායන ශිල්පියෙක් විදිහට ඔහුව හදුනනවා වුවත් දැන් ඔහු තරුපති විදිහට සතියේ දවස්වල දිවිතුරා ටෙලිනාට්‍යයෙන් ඔබේ ආලින්දයට එනවා. ඉතින් ඒ වගේම තමයි හෙක්ටර් ඩයස් කියන්නෙත් ගායකයෙක් විදිහට කාගේත් ආදරය දිනාගත්ත චරිතයක්. ඉතින් ඒ වගේම තමයි ඔහුත් ඒ ටෙලිනාට්‍ය මගින් අගස්ති කියන චරිතය හරහා ප්‍රේක්ෂක ඔබ හමුවට එනවා. ඉතින් තම මිතුරා අතුල අධිකාරි ගැන හෙක්ටර් තම සමාජ මාධ්‍ය ගිණුම් වල හරි අපූරු සටහනක් මේ විදිහටයි පල කරලා තිබුනේ.

සුන්දර මිනිසුන් විරලයි.. මගේ පාසල් අවධියේ පටන් ඔහුව දකින්නට පෙරුම් පිරූ වාර අනන්තයි. දයාබර අතුල අයියේ ඔබේ ආදරණීය හිනාව සහ මනුෂ්‍යත්වය අගය කරන මා හැමදාමත් ලක්ෂණ දෙකක්. හැමදාටත් සතුටින් ඉන්න ඔබ අපටත් ශක්තියක්. ආදරෙයි හැමදාමත් මේ සහෝදර බැදීමට කියලයි රටච් ආදරය කරන අතුල අධිකාරි ගැන හෙක්ටර් ඩයස් පවසා තිබුනේ.

Rate this item
(5 votes)
Last modified on Wednesday, 08 September 2021 19:40