June 02, 2024

මෙලොවින් සමුගෙන ගිය ගායක සුනිල් පෙරේරා ගැන ප්‍රවීණයෙක් තැබූ අපූරු සටහන

September 07, 2021

ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වුනා. ඔහුගේ සමීපතමයන් මෙන්ම රසිකයන් තම සංවේගය ප්‍රාකාශ කරන ආකාරය පිළිබඳව දැකගන්නට හැකි වෙනවා. මේ අතර ලොරන් ඕද අල්මේදා කොලොම් තොටට යහපත් නාවිකයා ගීතය ලියූ W. ජයසිරි තම ආදරණීය මිත්‍රයාගේ වියෝව සම්බන්ධයෙන් තම සමාජ මාධ්‍ය ගිණුමෙහි තබා තිබුනා. මේ එම සටහනයි. 

සැප්තැම්බර පළවෙනිදා ඒ කියන්නේ හරියටම දවස් පහකට ඉස්සෙල්ලා පාන්දර 6 ට විතර මට පෝන් කෝල් එකක් ආවා සුනිල් පෙරේරාගෙන්. මචං මට ඊමේල් කරල උඹ එකවුන්ට් නම්බර් එක එවපන්. මගේ ඊමේල් එක මතක තියාගන්න හරිම ලේසියි This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. මම ඇහුව මොකද මේ හදිසියේම මගේ බර්ත්ඩේ එක ලඟයි නේ සුනිල් හැම අවුරුද්දෙම එයාගේ උපන් දිනය දාට සැප්තැම්බර් 14 දා ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා ගීතය ලියූ මටත් එහි සංගීත නිර්මාණය කළ කාලෝ විජේසිරිට කතෘ භාගය හැටියට එක්කෙනෙකුට රුපියල් 25000 ගානේ රුපියල් පනස් දහසක් ගෙවනවා. කාලෝ විජේසිරි මියගියත් ඔහුගේ බිරිඳට ඒ මුදල තැපැල් මගින් යවනවා අපි ඉල්ලලා නෙවෙයි සුනිල් මේ හිතලා ස්වකැමැත්තෙන් සිදුවන දෙයක් 2016 අවුරුද්දේ ඉඳලා හැම අවුරුද්දෙම සුනිල් ගේ උපන් දිනය දවසට ඒ වැඩේ වෙනවා. මේ අවුරුද්දේ ඒ කටයුත්ත වෙනදට වඩා කලින් සැප්තැම්බර් පලවෙනිදාම කරන්න සුනිල ඇයි තීරණය කළේ කියලා මම ඇහුවෙ නෑ. සුනිල් කොරෝනා වැලදිලා සුවපත් වෙලා ආපු බව මම දන්නවා. මම ඒ ගැන ඇහුවෙත් නෑ. සුපුරුදු ලෙස උපන් දිනය දාට ම සුනිල් මුණගැහිලා ආ ගිය තොරතුරු සැප දුක විමසන්න මම හිතාගෙන උන්නේ. අනේ සුනිල් ඇයි මෙහෙම වුනේ…? සුනිල් පෙරේරා කාටවත් බය නැති ණයත් නැති සුන්දර මිනිහෙක්.

Rate this item
(6 votes)
Last modified on Tuesday, 07 September 2021 14:03