May 04, 2024

දෙවෙනි ඉනිම නවතීද? - අමිෂා ඉවත් වෙයිද?

September 05, 2021

දෙවෙනි ඉනිම නාට්‍යයේ අමීශාගේ චරිතයට පන පොවන අංජුලා රාජපක්ෂ කියන්නේ දැන් වෙනස්ම කතාවක් එය මෙසේය.

“ දැන් මගේ පුතාට වයස මාස 03ක් වෙනවා. දැන් මට අළුත් නිර්මාණ වලට ආරාධණා ලැබුනත් මම ඒවා බාරගත්තේ නැ. ඒ මේ වසංගතය නිසා. නමුත් මම නැවතත් දෙවෙනි ඉනිම වැඩ පටන් අරන් කරගෙන යනකොට මට production එකෙන්ම කතා කරලා කිව්වා. අක්කා පුතා තාම පොඩි නිසා අක්කට බයයි නම් මේ දවස් වල ඉන්න කමක් නැහැ. අපි මොනා හරි කරගන්නම්. අක්කා පරිස්සමෙන් ඉන්න කියලා. ඇත්තෙන්ම මම ස්තූතිවන්ත වෙනවා මට ලබා දුන්නු ගෞරවයට ඉතින් තෙරුම් ගන්න හැම දේකම දෙපැත්තක් තියෙනවා. හැමෝටම නිදුක් නිරෝගි වු හෙට දවසක් උදා වේවා! බුදු සරණයි! ජේසු පිහිටයි!!!” එලෙස ඇය පවසා තිබුනා.

Rate this item
(7 votes)
Last modified on Saturday, 04 September 2021 21:08