May 18, 2024

“මම ඉදිරියේදී දේශපාලනයට එනවා” - විවාහක රූ රැජින පුෂ්පිකා කියන කතාව

මෑතකදී ලාංකීය ජනයා අතර සුවිශේෂ ලෙස කතාබහට ළක්වු චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ. ඇත්තෙන්ම විවාහක රූ රැජිණ තරගාවලියට ඉදිරිපත්වු ඇයට මෑතකදී එහි ජයක්ග්‍රහනය හිමිකර ගැනීමටත් හැකිවිය. කොහොම නමුත් කිරුළ හිමිකර ගැනීමෙන් අනතුරුව ඇය කාලයක් නිහඩව සිටි අතර පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එකතුවෙලා තිබුණා.

ඉතින් එලෙස පුවත්පත් සාකච්ඡාව සමගින් එකතුවුණු ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි ” මම 2010දී තමයි මුලින්ම මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුනේ. හැබැයි ඉතින් මට ඒ වසරේදී මිස් ශ්‍රීලංකා වෙන්න බැරි වුණා. ඒ පැරදුම මම පැරදුමක් කර ගත්තේ නැහැ.

2011 දී මම මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණේ හොඳ සැලසුමක් සහිතවයි. ජීවිතේදි වුවත් වැටි වැටී නැගිටපු යකඩ ගැහැනියක් තමයි මම. මට ඕනම වෙලාවක නැගී සිටින්න ආත්ම විශ්වාසය තිබෙනවා. මම හරි විදිහට ජීවත් වෙන කෙනෙක් නිසා මට වරදින්නේ නැහැ කියලා මම දන්නවා” කියලයි.

කොහොමහරි ඉතින් ඇය දේශපාලනය පැත්තට අවධානය දෙන්න හිතාගෙන ඉන්නවාලු. ඒ වරප්‍රසාද ලබා ගැනීමේ අරමුණින් නෙමෙයි කියලයි කියන්නේ. ඒක හිටි හැටියේ වුණ දෙයක් නෙමෙයි කියන ඇය කියන්නේ මම රටක් නියෝජනය කරමින් රූ රැජිනක් ලෙස ජාත්‍යන්තරයට ගිය කෙනෙක් කියලයි. මේ අතර රට වෙනුවෙන් වැඩ කරන්න කැමතියි කියන ඇය ඉදිරියේදී දේශපාලනයට එක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි අපට දැනගන්නට ලැබුණේ.

ඒ වගේම ඇය කියන්නේ මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙච්චි පළමු අවස්ථාවේදීම සම්මුඛ සාකච්ජාවක් සමගින් එකතුවෙලා මම එදාම කිව්වා මට රූ රැජිනක් වෙන්න වගේම කවදාක හරි දේශපාලනයට එන්නත් කැමැත්තක් තිබෙනවා කියල වගේම මම ඉදිරියේදී දේශපාලනය කරනවා කියලා. ඉතින් එලෙස ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනවා කියන ඇය කියල තිබුනේ මේ වගේ කතාවකුයි.

” මම ඡන්දය ඉල්ලන්නම ඕනේ නැහැ. පැවති ජනාධිපතිවරණයෙදිත් ජනාධිපතිතුමා වෙනුවෙන් මම පොළොන්නරු දිස්ත්‍රික්කය පුරාම විශාල කැම්පේන් එකක් කළා. මට මිනිස්සු හරිම ආදරෙයි. ඒ වගේම තමයි ගොඩක් අය දේශපාලනයට එන්න කියලා මගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීම් වගේම මගෙත් පෞද්ගලික කැමැත්තක් තිබ්බා දේශපාලනයට එන්න” කියලයි.

එලෙස අදහස් දක්වමින් ඇය කියන්නේ දේශපාලනයට ආවත් නාවත් මට ලැබෙන්න ඕනේ වරප්‍රසාද ලැබිලා තියෙනවා කියලයි. ඉතින් මට අමුතුවෙන් වරප්‍රසාද ලබන්න ඕනේ නැහැ කියන ඇය මම පොළොන්නරුවේ ඉපදුණ හැදුණ වැඩුණ කෙනෙකු නිසාවෙන් මට මිනිසුන්ගේ අගහිඟකම් ප්‍රශ්න හොදින්ම දැනෙනවා කියලයි කියන්නේ.

ඒ වගේම ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න හැකියාව තිබෙන බව කියමින් කියා තිබුනේ මම පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි හිටියේ කියලයි. නමුත් පොළොන්නරුව කියන්නෙ තරගකාරි දිස්ත්‍රික්කයක් බව කියමින් ඇය එහිදී කියලා තිබුනේ හිටපු ජනාධිපතිතුමත් අපේ පක්ෂයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වුණා.

අපි පරදින්න නෙමෙයිනෙ දිනන්නනෙ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියන පුෂ්පිකා කියන්නේ මට තව කාලය තියෙන නිසාවෙන් මම තව අත්දැකීම් ලබාගෙන දේශපාලනය ගැන අධ්‍යයනය කරලා සුදුසු කාලෙදි මැතිවරණයකට සම්බන්ධ වෙනවා කියලයි.

ඉතින් අවසාන වශයෙන් ඇය කියලා තිබුනේ ” මම මගේ ජීවිතේ විවිධ කඩඉම්වලට මුහුණ දුන්න කෙනෙක්. මම මගේ හීන සැබෑ කරගත්තා. දැන් මගේ හීනය මගේ දරුවා. එයාට හොඳට උගන්නලා එයාව රටට වැඩදායී කෙනෙක් කරන්න මම මහන්සි වෙන්නෙ. ඒ වගේම මම දේශපාලනයට කැමැති නිසා ජනතාවට සේවය කරන්න මහ මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඒකට තව කාලයක් තියෙනවා ” කියලයි

Rate this item
(3 votes)
Last modified on Sunday, 29 August 2021 18:54