May 18, 2024

අසරණ පවුලකට සරණක් වුණ නිලි ලෝචනා ඉමාෂි (PHOTOS)

බොහෝ දෙනෙක් ආදරය කරන අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම විදෙස්ගතව වගේම ලංකාවෙත් දිවි ගෙවන මේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනිය දක්ෂ නර්තන ශිල්පිනියක්, රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් යන හැම භූමිකාවකටම ඉතාම දක්ෂ ලෙස පන පොවනවා. ඉතින් ඒ වගේම ඇය සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරී චරිතයක් විදිහටත් අපිට නිතරම දකින්න ලැබෙනවා. කොහොම නමුත් අපි ඇයව රංගන ශිල්පිනියක් විදිහට දැනගෙන හිටයත් ඇය දැන් සමාජ සත්කාර කටයුතු වලටත් දායක වෙනවා. ඉතින් ඒ ඇය විසින්ම ආරම්භ කරපු පදනමක් හරහායි. කොවිඩ් නිසා ඇය ලංකාවට කොටුවුණත් ඇයගේ සැමියා සහ දරු පැටියා ඉන්නේ වෙනත් රටක. ඉතින් ඒ වගේම ඇය මේ කරපු උතුම් සත්කාරය ගැන බොහෝ දෙනෙක් ප්‍රශංසා කරලා තිබුණා.

ඉතින් එහි ඡායාරූපත් එක්ක ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. පරීත්‍යාගශීලීව ඉදිරියට යායුතු බව තීරණය කරමින් මා විසින් ආරම්භ කරන ලද Child Care By Lochana පදනම මඟින් දෙවන පරිත්‍යාගශීලී වැඩසටහන ඊයේ දිනයේ සූරියවැව ප්‍රදෙශයේ දිළිදු පවුලක් සඳහා ආධාර ලබාදුණි, මෙම පවුලේ කුඩා දරුවන් තිදෙනෙකුගෙන් වන අතර කුඩාම දරුව මාස කිහිපයක් වන අතර අනෙකුත් ගැහැණු දරුවන් දෙදෙනා 4 වන වසරේ ඉගෙනුම ලබති. මාස 3ක් වයසැති කුඩා දරුවාගෙන් පසුව මව අංශභාග තත්වයට පත්ව ඇති අතර පියා රැකියාවෙන් තොරව දරුවන්ව නිවසේ සිට රැකබලා ගැනීම සිදු කරනු ලබනවා.

මෙම උතුම් කාර්යය සඳහා පූජ්‍යය සිරි රතන ස්වාමීන්වහන්සේ සහ මාගේ දෙමව්පියන්ගේ අනුශාසනා සහ උපකාර ලැබුණි. ඉදිරියේදීද මෙවන් ආකරයේ පරිත්‍යාග සිදු කිරීමට මා සූදානමින් සිටින අතර උදව් උපකාර කිරීමට කැමති ඔබ හට ද්‍රව්‍යම ආකාරයෙන් සහභාගී විය හැක. මේ සඳහා මාගේ ෆේස්බුක් ගිණුම හරහා ඔබට සම්බන්ධ විය හැක කියලයි ඇය පවසලා තිබුනේ.

May be an image of food

May be an image of child and indoor

May be an image of 3 people, child, people standing and indoor

May be an image of 2 people, child, people standing and outdoors

May be an image of 4 people, people standing and outdoors

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 August 2021 21:13