May 21, 2024

ලොවක් සසළ කළ මාර්ග අනතුරේ සංවේදී වීඩියෝව (CCTV VIDEO)

පාර මාරු වෙමින් සිටි පදිකයින් අනතුරට ලක් කරමින් මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමේ සිදුවීමක් සම්බන්ධ පුවතක් සහ එහි CCTV වීඩියෝවක් මේ දිනවල ලොව පුරා බොහෝ දෙනා කම්පනයට පත් කරවමින් තිබෙනවා.

පසුගිය 22 වැනි දා මෙම අනතුර සිදු වී ඇත්තේ චීනයේ ඩාලියාන් නගරයේ යි.

පදිකයින්ට පාර මාරු වීමටත්, වාහන නතර කිරීමටත් ආලෝක සංඥා දැල්වී තිබියදී, පදිකයන් විශාල පිරිසක් පාර මාරුවෙන අතර එහි දී අධික වේගයෙන් පැමිණෙන කළු පැහැ මෝටර් රථය වේගය කිසි ලෙසකින් අඩු කිරීමක් නොකොට පදිකයන් පිරිස හරහා පදවන ආකාරය අදාළ වීඩියෝවෙහි දක්නට ලැබෙනවා.

එහි දී මෝටර් රියෙහි ගැටෙන පදිකයින් විශාල පිරිසක් වීසි වී ගොස් වැටෙන්නේ මාරාන්තික තුවාළ ද සමගින්.

චීනයෙන් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරන්නේ පදිකයින් 04 දෙනෙකු එම මොහොතේ දී ම මරණයට පත් වී ඇති බවයි.

තවත් එක් අයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බවත්, මරණ ගණන තවදුරටත් වැඩි විය හැකි බවත් එම වාර්තා පවසනවා.

එමෙන්ම තවත් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන්.

අනතුර සිදු කළ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අන්තර්ජාල මුදල් ඒකකයක් වන "බිට්කොයින්" හා සම්බන්ධ සිදුවීමක දී සිය මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වීමෙන් අනතුරුව අදාළ රියදුරා මෙම අනතුර සිදු කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 May 2021 20:45