May 03, 2024

ජාතිවාදයට එරෙහි සාමකාමී විරෝධතාවට 'සිංහ ලේ' කඩා පනී (VIDEO)

ජාතිවාදයට එරෙහිව කොළඹ බෞද්ධාලෝක මාවතේ පැවති සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයකට "සිංහ ලේ ජාතික බලමුළුව" පෙනී සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් කඩා වැදීමත් සමග උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා.

වීඩියෝව පහතින් > > >

මෙම "සිංහ ලේ" කණ්ඩායම දැඩි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අතර ඔවුන් ඉහත සඳහන් කරන ලද සාමකාමී උද්ඝෝෂණයෙහි නිරත වූ පිරිස් අත තිබූ පුවරු පවා ඉරා දැමීමට කටයුතු කළා.

"අපි ඔක්කොම එකම ලේ" මැයෙන් ජාතිවාදයට එරෙහි මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණා.

ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ ද "අපි ඔක්කොගේම තියෙන්නේ එක ලේ නේද" යනුවෙන් ජාතිවාදයට එරෙහි වූ පිරිස කියා සිටි අතර "සිංහ ලේ ජාතික බලමුළුව" නමින් පෙනීසිටින කණ්ඩායමේ සංවිධායක යැයි හඳුන්වාගන්නා පුද්ගලයා ඇතුළු පිරිස කියා සිටියේ 'එක ලේ' නමින් කිසිවක් නොමැති බව යි.

මෙහි දී "සිංහ ලේ" කණ්ඩායම විසින් සිංහයා සහ බෝ පත් සතර පමණක් සහිත කොඩි ද ප්‍රදර්ශනය කරන්නට වුණා.

සිවිල් ක්‍රියාධරයන් කණ්ඩායමක් විසින් මෙම ජාතිවාදයට එරෙහි සාමකාමී උද්ඝෝෂණය සංවිධානය කරන ලද අතර එය පවත්වා තිබුණේ අවසර ලබා ගෙන යි.

එහෙත් "සිංහ ලේ" පිරිස අවසරයකින් තොරව එහි පැමිණ ඇති බව පොලිසිය කියා සිටියා.

මේ අතර අවසාන මොහොතවන තෙක් මෙම ගැටුම්කාරී අවස්ථාවේ දී පොලීසිය මැදිහත් නොවූ බවට සිවිල් ක්‍රියාකාරීන් චෝදනා නගනවා.

එමෙන්ම 2015 ජනවාරි 08 වැනි දාට පෙර තිබූ බිහිසුණු ජාතිවාදී කල්ලි ලංකා පොළොවේ තවමත් තිබෙන බව යි ඔවුන් කියා සිටියේ.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(2 votes)