June 18, 2024

'සිංහ ලේ' පිටුපස ඉන්නේ 'සිංහල රාවය' ද? (VIDEO)

සමාජ ජාල වෙබ් අඩවි තුල විශාල කතාබහකට ලක් වූ "සිංහ ලේ" නාමය පෙරටු කරගත් සංවිධානයක් ඊයේ (06) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න

වඩාත් සුවිශේෂී කාරණාව වූයේ මින් පෙර "සිංහල රාවය" සංවිධානයේ විවිධ නිළතල දැරූ කිහිපදෙනෙකුම මෙම නව සංවිධානයේ තනතුරු හෙබවීමයි.

මෙම සංවිධානය "සිංහලේ ජාතික බලමුළුව" ලෙස ඔවුන් හඳුන්වාගත් අතර මීට පෙර සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් ධූරය දැරූ පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මෙම නව සංවිධානයේ මහලේකම් ධූරය දරනු ලබයි.

එමෙන්ම මෙම නව සංවිධානයේ සභාපති ධූරය දරනු ලබන්නේ සිංහල රාවය සංවිධානයේම ජාතික සංවිධායක ලෙස කටයුතු කළ පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමියන් ය.

"සිංහ ලේ" සළකුණ ලෙස තම ඇඟෙහි පච්චයක් ලෙස සටහන් කරගත් නාමල් බණ්ඩාර මහතා ද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ අතර "සිංහලේ ජාතික බලමුළුව" සංවිධානයේ ප‍්‍රචාරක ලේකම්වරයා වන්නේ ඔහු ය.

වීඩියෝව පහතින්.

Rate this item
(3 votes)
Last modified on Thursday, 07 January 2016 09:44