නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය මෙතරම් විශාල සිදුවීමක් බවට පත් කරගෙන ඇත්තේ මහ ඇමති මුස්ලිම් ජාතිකයෙකු වීමත් නාවික හමුදා නිලධාරියා සිංහල ජාතිකයෙකු වීමත් නිසා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මහ ඇමතිවරයා සිංහල ජාතිකයෙකු වූවේ නම් ඇතැම් සිංහල පත්තරවලින් මෙම සිදුවීම මෙතරම් විශාල ලෙස ඉස්මතු නොකිරීමට ඉඩ තිබූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
නාවික හමුදා කපිතාන්වරයාට බැණීම මෙතරම් විශාල ප්‍රශ්ණයක් කරගත් පුද්ගලයින් එවකට සරත් ෆොන්සේකා මහතා සිරගත කරද්දී හඬ නොනැගුවේ මන්දැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්ණ කොට සිටියේ ය.
වීඩියෝව පහතින් > > >