සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (16) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ඒ, අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී ලබන සතියේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සහ සාමාජ කවුන්සිලයේ සැසිවාරයට සහභාගී වීම සඳහායි.
මෙම සැසිවාරය ලබන 18 සහ 19 යන දෙදින පුරා පැවැත්වීමට නියමිත අතර ලෝකයේ බෝ නොවන රෝග පාලන කිරීමේ ක්‍රමවේද පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.