July 05, 2024

මිතුරියන් මියගියේ 'හෙඩ්සෙට්' නිසා බව හෙළි වෙයි (VIDEO)

පෙරේදා (25) පස්වරුවේ දුම්රියේ ගැටී මිය ගිය බම්බලපිටියේ ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ උසස් පෙළ පංතියේ අවසාන වසරේ ඉගෙනුම ලැබූ යසාරා පෙරේරා සහ ෂෙරෝන් සිල්වා සිසුවියන් අනතුර සිදුවන අවස්ථාවේ තම ජංගම දුරකතනවලට සම්බන්ධ කර තිබූ "හෙඩ්සෙට්" කනේ රුවාගෙන සිටි බව වාර්තා වේ.

මේ හේතුවෙන් දුම්රියක් පැමිණෙන බව ඔවුන්ට නොඇසී ඇති අතර එම නිසා දුම්රිය මාර්ගය හරහා මාරු වී ඇති බවයි පැවසෙන්නේ.

අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ "හෙඩ්සෙට්" සම්බන්ධ කරගෙන ඔවුන් දුම්රිය මාර්ගය හරහා පැන ඇති බවත්, එහි දී දුම්රියෙහි ගැටුණු සිසුවියන් දෙදෙනා අනතුරින් ලත් බරපතල තුවාල නිසා අධික රුධිර වහනය හේතුවෙන් මියගොස් ඇති බවත් ය.

19 හැවිරිදි වියේ පසු වූ යසාරා සහ ෂෙරෝන් වැල්ලවත්ත ප්‍රදේශයට ගොස් තිබුණේ වෙරළාසන්නයේ පිහිටි හෝටලයක පැවති සාදයකට සහභාගී වීම සඳහා යි.

මෝටර් රථයකින් ඔවුන්ව එම හෝටලය අසළ බස්සවා ඇති අතර හෙඩ්සෙට් කනේ රුවාගෙන සිටි යසාරා සහ ෂෙරෝන් එසැණින් දුම්රිය මග හරහා පැන්න බවත්, ක්ෂණයකින් දුම්රිය ඔවුන් යට කරගෙන ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසයි.

සිසුවියන් දෙදෙනා දුම්රියට හසු වීම ඒ අසළ තිබූ හෝටලයක CCTV කැමරාවක ද සටහන් වී තිබුණි.

එම වීඩියෝව නැරඹීමට මෙතන ක්ලික් කරන්න > > > 

යසාරාගේ සහ ෂෙරෝන්ගේ ඡායාරූප පහතින් නරඹන්න > > >

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 27 April 2016 18:16