May 17, 2024

මියගිය 'සේයා' online ඇවිත් Facebook කැළඹූ හැටි (PHOTOS)

දෙව්මි පෙරේරා නොහොත් සේයා ලෙස හඳුන්වාගන්නා Facebook ගිණුමක හිමිකාරිය යැයි පැවසෙන තරුණියක් තම ප්‍රේමයේ නාමයෙන් සිය දිවි නසා ගත් බවට පළ වූ පුවතක් පසුගිය දින කිහිපය පුරාම මෙරට සමාජ ජාල තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

මරණයත් ප්‍රේමයත් පිළිබඳ සටහන් තබා ඇය සියදිවි නසාගත් බව මෙරට ප්‍රධාන පෙළේ පුවත් වෙබ් අඩවි පවා වාර්තා කර තිබූ අතර දෙව්මි නොහොත් සේයා පිළිබඳ පුවත උණුසුම් කිරීමට එය ද එක් හේතුවක් විය.

රටම හඬවමින් පැතිර ගිය ඇගේ පුවත පිළිබඳ වෙනත්ම කතාවක් මේවන විට ප්‍රචාරය වන අතර ඉන් කියවෙන්නේ දෙව්මි නොහොත් සේයා මියගොස් නොමැති බවත් මෙම සියදිවි නසාගැනීමේ කතාව ඇය විසින් ඇගේ Facebook ගිණුම හරහා කළ රඟපෑමක් බවත් ය.

මෙම පුවතත් සමග නැවතත් ඇය පිළිබඳ පුවත් මෙරට සමාජජාල මහත් කැළඹීමට ලක් කොට තිබෙන අතර සමාජජාල පරිශීලකයින්ගෙන් ඇයට ලැබී ඇත්තේ මහත් අප්‍රසාදජනක ප්‍රතිචාරයන් ය.

විවිධ පුද්ගලයින් ඇයට අප්‍රසාදය පළ කොට විවිධ පළ කිරීම් සිදුකොට ඇති අතර ඒවායින් කිහිපයක් පහතින් නරඹන්න.

 

Rate this item
(2 votes)
Last modified on Saturday, 02 April 2016 11:10