May 17, 2024

උකුස්සා හමගැසූ නරුමයින් පොලීසියට කළ පාපොච්චාරණය මෙන්න

උකුස්සෙකුට කෘෘර ලෙස වද හිංසා පමුණුවන තරුණයින් පිරිසකගේ ඡායාරූපයක් ව්‍යාප්ත වීමත් සමග පසුගිය දිනවල Facebook සමාජ ජලය තුළ මහත් ආන්දෝලනාත්මක පසුබිමක් නිර්මාණය විය.

පසුව එම ස්ථානයේ සිටි තරුණයකු එම ඡායාරූපය ඔහුගේ Facebook ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර එම ඡායාරූපය Facebook පරිශීලකයින් රැසකගේ හදවත් කම්පා කිරීමට සමත් විය.

ඡායාරූපයේ සිටින්නන් හඳුණා ගැනීමේ ව්‍යාපාරයක් Facebook හරහා ද ව්‍යාප්ත වූ අතර මෙම තරුණයින් සම්බන්ධයෙන් හික්කඩුව වනජීවී කාර්යාලයෙන් හබරාදූව ‍පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් උකුස්සාට කෘෘර ලෙස වද හිංසා කර මරා දැමූ පුද්ගලයින්ගෙන් දෙදෙනකු හබරාදූව ‍පොලිසිය මගින් ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ මත සිද්ධියට සම්බන්ධ ඉතිරි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

වයස අවුරුදු 46ත් 42ත් වන මෙම පුද්ගලයින් දෙදෙනා පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත්තේ අල්ලා ගත් උකුස්සාව ආහාරයට ගැනීමට සුද්ද කළ නමුත් උගේ උදරයෙහි නාගයෙක් සිටි බැවින් උකුස්සා ආහාරයට නොගෙන විසිකර දැමූ බවත් ය.

එම අවස්ථාවේ ඔවුන් මත්පැන් පානය කරමින් සිටි අතර උකුස්සාගේ දෙපා, අත්තටු පිහියක් ආධාරයෙන් කපා දමා උකුස්සාගේ හම සුද්ද කරන දර්ශනය ඔවුන්ගේ මිතුරකු සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ බව ද අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට පත් අදාළ පුද්ගලයින් දෙදෙනා නීතිවිරෝධී මත්පැන් පානයට ඇබ්බැහි වූවන් බව හෙළි වී ඇති අතර ඉන් එක් අයෙකු මීට පෙර ද නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයින් මේ වන විට එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගත් දෙදෙනා අද (10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත් > > > 

'සතෙක් මැරුවා කියලා බලුවැඩ කරන්න එපා' - උකුස්සා මැරූ අය මාධ්‍යට බැණවදී (VIDEO)

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2016 15:57