May 17, 2024

Faceboo‍k, Google කාන්තා දිනය සමරන්නේ මෙහෙමයි (PHOTOS)

අද ලෝක කාන්තා දිනය යි.

දිනයේ වැදගත්කමට අනුව නිරන්තරයෙන් විවිධ අංග එළිදක්වන Google සෙවුම් යන්ත්‍රය අද දිනය වෙනුවෙන් ද වෙනස්ම ආකාරයකින් සැරසී සිටිනු දැකගත හැකි ය.

අද දින Google සෙවුම් යන්ත්‍රය වෙත පිවිසෙන ඔබට, සුපුරුදු Google නිල ලාංඡනය වෙනුවට කාන්තා දිනය වෙනුවෙන් සැකසුනු නව මෙවලමක් දැක ගත හැකි අතර එය මත ක්ලික් කිරීමෙන් කාන්තා දිනය සමරා Google සමාගම නිකුත් කළ විශේෂ වීඩියෝවක් නැරඹිය හැකියි.

Google පමණක් නොව ඔබට වඩාත් සමීප Facebook සමාජ ජාලය ද කාන්තා දිනය සැමරීමට සැදී පැහැදී සිටියි.

‍Facebook වෙත අද දිනයේ පිවිසෙන ඔබට කාන්තා දිනය අදට යෙදී ඇති බවත් කාන්තාවන්ට සම අයිතීන් ලැබිය යුතු බවත් මතක් කර දෙයි.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)