May 17, 2024

‍Facebook Like බොත්තම වෙනස් කරයි (VIDEO)

Facebook සමාජජාලය තුළ පවතින Like බොත්තම වෙනස් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

මීට පෙර තිබූ ෆේස්බුක් Post එකකට කැමැත්ත පලකිරීමට අමතරව තවත් විකල්ප ප්‍රතිචාර කිහිපයක් මේ අනුව හඳුන්වා දී ඇත.

ඒ, Like, Love, Haha, Wow, Sad, Angry ලෙස යි.

මෙම වෙනස්කමත් සමග තමන්ගේ Facebook මිතුරු මිතුරියන් එක්කරන ඡායාරූප, වීඩියෝ සහ අදහස් ආදියට පුළුල් පරාසයක් යටතේ ප්‍රතිචාර දැක්වීමට Facebook සාමාජිකයින්ට හැකියාව ලැබේ.

Like බොත්තම මත මවුස් පොයින්ටරය මඳ වේලාවක් තබා සිටීමෙන් මෙම පහසුකම භාවිත කිරීමට ඉඩ ලැබේ.

මෙයට පෙර iPhone පරිශීලකයින් කිහිපදෙනෙකුට පමණක් ලබා දී තිබූ මෙම නව ප්‍රතිචාර දැක්වීමේ පහසුකම මේ වන විට සෑම පරිශීලකයෙකු වෙතම ලබා දීම අරඹා ඇති අතර මෙරට Facebook පරිශීලකයින් බොහෝ දෙනෙකුගේ ගිණුම්වල ද යාවත්කාලීන වී තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(2 votes)
Last modified on Friday, 26 February 2016 11:37