July 05, 2024

පිංකැට හොරා CCTV කැමරාවෙන් හසුවූ හැටි (VIDEO)

බණ්ඩාරවෙල ඇල්ල ශ්‍රී සුමංගලාරාමයේ පිංකැටය සොරකම් කළ සොරෙකු ඊයේ (14) අළුයම අල්ලා ගැනීමට ඇල්ල පොලීසියට හැකි විය.

වීඩියෝව මෙම සබැඳියෙන් නරඹන්න

පසුගිය මාසයේ දෙවතාවක් විහාරස්ථානයේ දේපළ සොරකම් කර තිබූ නිසා සොරා හදුනාගැනීම පිණිස පසුගියදා විහාරස්ථානයේ CCTV කැමරාවක් සවිකරනු ලැබ ඇති අතර ඒ සමගම එහි අනතුරු සංඥා පද්ධතියක් සවිකිරීමට ද දායක සභාව ක්‍රියා කර තිබේ.

ඊයේ අළුයම සොරා පැමිණ විහාරස්ථානයේ දේපළ සොරකම් කරන බව දුටු විහාරාධිපති හිමියන් පොලීසියට හා ගම්වාසීන්ට දැනුම් දී ඇති අතර පොලීසියෙන් බේරී පැනයාමට උත්සාහ කිරීමේදී සොරාගේ පාද වලට හා කොන්දට සිදුවූ හානි නිසා ඔහු මේ වන විට දියතලාව මූලික රෝහලට ඇතුළත් කර සිටියි.

විහාරස්ථානයට පැමිණෙන සොරා එහි දේපළ සොරාගන්නා ආකාරය දැක්වෙන CCTV දර්ශණ රැගත් වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 December 2015 14:52