July 05, 2024

පොලිස් නිලධාරියෙකු තමන්ගේම බිරිඳ මැරූ CCTV වීඩියෝව (VIDEO)

පොලිස් නිලධාරියෙක් විසින් තම අතහැර ගිය බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර එම සිදුවීමේ CC‍TV වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතියි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට පොලිස් නිලධාරීයා සහ ඔහුගේ අතහැර ගිය බිරිඳ අතර සිදු වූ බහින්බස් වීමක් පසු පොලිස් නිලධාරියා ඇය ලුහුබැඳ ගොස් 11 වතාවක් වෙඩි තබා තිබේ.

ඔවුන් අතර පැවති සබඳතාව නැවත්වීමට සැබෑ හේතුව විමසමින් 36 හැවිරිදි  අදාළ පොලිස් නිලධාරියා විටින් විට සිය දියණියට දුරකතන ඇමතුම් දුන් බව ඇයගේ මව සඳහන් කර ඇති අතර වෙඩි තැබීමෙන් පසු පොලිස් නිලධාරියා පලා ගොස් තිබේ.

පසුව පොලීසියට භාර වී ඇති ඔහු මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයෙකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 November 2015 12:18