May 03, 2024

“පුහුණුකරුවෙක් වෙන්න බැහැ - උපදේශකවරයෙකු වෙන්නම්” මහේල දැන් කියන කතාව

මහේල ජයවර්ධන යනු අද වන විට ක්‍රිකට් ලෝකය තුළ දැඩි අවධානය දිනාගත් ක්‍රිකට් පුහුණුකරු බවට පත්වෙලා.

ලෝකයේ පළමු වතාවට එංගලන්තයේ දී පැවැති පන්දු 100යේ තරඟාවලියේ දී මහේල් පුහුණුකාරීත්වය දරන ලද සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම එහි ශූරතාවලිය දිනා ගැනීමත් සමඟ මහේල ගැන දැන් තවත් ලොකු කතාබහක් ඇති වෙලා.ෙ

මහේලගේ මෙම පුහුණුකාරීත්වය ගැන ලෝකයම කතා කරද්දී මහේල විසින් වෙනස්ම ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ පන්දු 100 තරඟාවලියෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්‍ෙ

මහේල කියලා තිබුණේ තමන් ජාත්‍යන්තර පුහුණුකරුවෙකු ලෙස තනතුරක් භාර ගන්න සුදානම් නැති බවයි. එහිදී ඔහු කියා සිටියේ “එවැනි තනතුරක් භාර ගන්න කිසිම අදහසක් නැහැ. මෙයට පෙරත් මම අවස්ථා කිහිපයදී මේ ගැන කියලා තියෙනවා. මම වසර 18ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළා. ඒ නිසා මට තවත් අවුරුද්දේ මාස 12ම මගේ ඇඳුම් බෑග් එකත් අරගෙන ලෝකයේ තැනිත් තැනට සංචාරය කරන්න කැමැත්තක් නැහැ” යනුවෙනි

මෙම පන්දු 100 තරඟාවලියේ දී තමන් විශාල අත්දැකීමක් ලබාගත් බවද මහේල සඳහන් කර සිටි අතර ඔහු කියා සිටියේ පුහුණුකරුවෙකු ලෙස යන ගමනේ තමන් තවමත් සිටින්නේ මුල් අවධියේ බවයි. තමන්ගේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය බව මහේල සඳහන් කර සිටි අතර තමන්ට පුහුණුකරුවෙකු ලෙස නොව උපදේශකවරයෙකු ලෙස සහාය ලබාදීමට හැකි බවද ප්‍රකාශ කර තිබුණා.

නමුත් එය පුර්ණකාලීනව ලෙස කළ නොහැකි බවද මහේල පවසා සිටියා. එයට හේතුව ලෙස ඔහු කියා සිටියේ තමන්ට එසේ නොවේ නම් කිසිදු ආශ්වාදයක් නොලැබෙන බවයි.

Rate this item
(0 votes)