May 03, 2024

මහේල ඉන්දියාවට බැහැ කියයි

September 19, 2021

මහේල ජයවර්ධන ඉන්දිය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගන්නා ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

මහේල ජයවර්ධන වෙත එම ඉල්ලීම ඉදිරිපත් කොට තිබෙන්නේ සෞරව් ගංගුලි සභාපතිත්වය දරන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉහළම නිලධාරීන් මණ්ඩලය විසින්.

ප්‍රථම නම

ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය ඉන්දියාව බිහි කළ අති දක්ෂ පා දඟ පන්දු යවන්නෙකු වන අනිල් කුම්බ්ලෙ හට ලබා දීමට මුලින් තීරණය වී තිබුණා.

එහෙත් ඊට පෙර මහේල ජයවර්ධන ගෙන් මෙම ධූරය බාර දන්නවාදැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විමසා තිබෙනවා.

එළඹෙන 20 - 20 ලෝක ශූරතාවලියෙන් පසු ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවි ශාස්ත්‍රි එම ධූරයෙන් ඉවත් වීමට නියමිතයි.

පුහුණුකරු පුරප්පාඩුව

ඒ පුරප්පාඩුව පිරවීම සඳහායි මහේල ජයවර්ධනට මෙම ආරාධනය කර තිබුනේ.

මහේල ජයවර්ධනගේ ප්‍රතික්ෂේප කිරීම මත එම ධූරය අනිල් කුම්බ්ලෙ හට වීමට නියමිත අතර ඔහු මීට වසර 4කට පමණ පෙරද ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර අත්දැකීම් තිබෙන්නේ.

මහේලගේ ප්‍රතිචාරය

තමන් මේ කිසිවක් සම්බන්ධයෙන් නොදන්නා බවයි මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබෙන්නේ.

තමාට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ඉදිරියට කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බව මහේල ජයවර්ධන සඳහන් කර තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 19 September 2021 15:05