May 03, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක තනතුර මහේලට Featured

December 13, 2021

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයෙක් මෙන්ම හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසනවා.

වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ඉදිරියෙන්ම සිටින පුහුණුකරුවෙක් වන මහලේ ජයවර්ධන මහතා ලබන ජනවාරි මස 1 වැනිදා සිට වසරක කාලයක් සඳහා එම තනතුරට පත්කරන බව ඔහු සඳහන් කළා.

ඒ මහතාගේ ක්‍රිකට් අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් සම්බන්ධ සියලු වගකීම් ඒ අනුව ඔහුට පැවරෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 07:42