May 03, 2024

මහේලට බලපෑම් කරන්න එපා! ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලීමක්

September 28, 2021

ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් වූ හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, තේරීම් කමිටු රැස්වීම් සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබන බව තාක්ෂණික උපදේශක කමිටුවේ ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

ඒ මහතා පවසා සිටියේ ලෝක කුසලාන සංචිතය මේ වන විටත් තේරීම් කමිටුව විසින් තෝරාගෙන ඇති අතර ඒ සම්බන්ධව මහේලට කිසිවක් කළ නොහැකි නමුත් මහේල අවසාන එකොළොස් දෙනා තෝරා ගැනීමේදී සම්බන්ධ වනු ඇති බවයි.

මහේල ජයවර්ධන මහතා නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ෙ සාමාජිකයෙක් වන අතර ඔහුගේ දැනුම හා ප්‍රවීණතාවය උපක්‍රම සැකසීම සඳහා යොදා ගන්නා අතර ඔහුට සංචාරයේදී තේරීම් කමිටු රැස්වීම්වලට සහභාගී විය හැකි බවයි අරවින්ද ද සිල්වා මහතා පවසා සිටින්නේ.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන මහතාට ඡන්දය භාවිත කිරීමේ අයිතිය නොලැබුණුද ඔහුගේ අදහස් මෙහිදී ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බවත් වාර්තා වෙනවා.

අරවින් ද සිල්වා මහතා ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුණේ මහේලගේ පත්වීම නිශ්චිත කාල සීමාවක් සඳහා පමණක් බවයි.

මහේල අයිපීඑල් තරගාවලියෙන් පසු තම පවුල සමඟ යම් කාලයක් ගත කිරීමටත්, 19 න් පහළ කණ්ඩායම සමඟ ඔහුගේ කලින් තිබූ කැපවීම ඉටු කිරීමටත් අවශ්‍ය බව අරවින්ද සිල්වා මහතා සඳහන් කර සිටියා.

ඒ බැවින් මහේල හට දිගු කාලයක් ජාතික කණ්ඩායම සමඟ සිටීමට බලපෑම් නොකරන ලෙසද අරවින්ද සිල්වා මහතා පවසා සිටියා.

මහේල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ විස්සයි විස්ස මූලික වටයේ තරඟ සඳහා සම්බන්ධ වන අතර ඔක්තෝබර් 16 සිට 23 දක්වා කාලයේ දී ඔහු උපදේශකවරයෙකු ලෙස පුහුණු වීම්වලට එකතු වීමට නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 September 2021 09:50