May 03, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ ණය බර ගැන ඇමති දයාසිරි හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විවිධ ආයතනය වෙත ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 2.4 ඉක්මවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආදායම් හා වියදම් පිළිබඳ තත්ත්වයන් හා දැනට පවතින මූල්‍යමය තත්ත්වය සම්බන්ධව ජාත්‍යන්තර විගණන සමාගමක් වන KPMG සමාගම විසින් සිදුකළ විගණන වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදුන් අවස්ථාවේ දීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, " ක්‍රිකට් ආයතනය විසින් විවිධ ආයතන වෙත ගෙවියයුතු බිලියන 2.4 ක් වන මුදල ගෙවන්න ගියොත් ක්‍රිකට් ආයතනයේ පඩි ගෙවාගන්නවත් සාමාන්‍ය ක්‍රීඩකයන්ට ගෙවීම් කරන්නවත් සත පහක්වත් ඉතුරු වෙන්නෙ නෑ.  මේක තමයි ඇත්ත මූල්‍යමය තත්ත්වය. ඉතිං මේ සම්බන්ධව කරුණු නොදැන මම දැක්කා පහුගිය කාලේ කට්ටිය කියලා තිබුණා ක්‍රිකට් ආයතනය ලාභ ලබනවා. ගොඩක් හොඳයි කියලා." යි පැවසුවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේ දී ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉඳිකර ඇති බවත් එහිදී ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ මනා සම්බන්ධීකරණයක් තිබුණා නම් මෙබඳු ව්‍යවසනයක් සිදු නොවන්නට ඉඩ තිබූ බවයි.

ඒ අනුව මෙම ක්‍රීඩාංගණය සම්බන්ධව නිවැරදි තීන්දු තීරණ ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වගකීමක් වුවත් එය එසේ සිදුනොවී සූරියවැව ක්‍රීඩාගණය ඉදිකිරීමේ කටයුතු කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීරණයක් අනුව සිදුවූ ක්‍රියාදාමයක් බවත් අමාත්‍යවරයා සඳහන්කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 10:19