May 17, 2024

හම්බන්තොට ක්‍රිකට් පිටිය වෙඩින් සඳහා කුලියට දෙයි

February 24, 2016

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රවේශ ශාලා විවාහ මංගලෝත්සව සඳහා කුලියට ලබාදෙන බවත්, ඒ සඳහා දිනකට රුපියල් 10,000 ක කුලී මුදලක් අය කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ සූරියවැව ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු පවත්වන ආයතනයක් බවට පත්කිරීමට සාකච්ඡා කරමින් පවතින බවත්, ක්‍රීඩාංගණය වසා නොදමන අතර, එය ප්‍රකෘති තත්ත්වයට පත්කළ යුතු බවත්ය.

කෙසේවෙතත් අද (24) යළි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ තමා ඊයේ කළ ප්‍රකාශය ඇතැම් ජනමාධ්‍ය විකෘති කර පළකර ඇති බවයි.

එය නිවැරදි කරමින් ඒ මහතා කියාසිටියේ ක්‍රීඩාංගනය උත්සව කටයුතු සඳහා ලබාදීම ආරම්භ කළේ වත්මන් රජයෙන් නොවන බවත්, පසුගිය රජය සමයේ ද රුපියල් 5000 -10,000ත් අතර මුදලකට එම ක්‍රීඩාංගණය ලබාදුන් බව ය.

Rate this item
(0 votes)