May 06, 2024

ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමේ ආණ්ඩුවේ සැලසුම හෙළිවෙයි (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමෙන් ආණ්ඩුවේ වැඩටික හරියට කරගැනීමට හැකියාව ඇති බවත් ඉන් ජනතාවට සේවය කිරීමට ලැබෙන අතරම බලය පවත්වා ගැනීමටද ඉඩ ලැබෙන බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී  පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් කොපමණ සංඛ්‍යාවක් ආණ්ඩුවට එන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නය සම්බන්ධයෙන් එම කතා බහ මතුවිය.

විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට ගැනීමෙන් ජනතාවට එහි බර දැරීමට සිදුවන බව මාධ්‍යවේදීන් පෙන්වාදුන් අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ "ඒකට ඉතින් කරන්න දෙයක් නැ" යනුවෙනි.

වරප්‍රසාද ලබාදී මන්ත්‍රීවරුන් නොගන්නා බවත්, ආවට පසු වරප්‍රසාද දෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව තමාටද දැඩි ප්‍රශ්න පවතින බව රාජිත සේනාරත්න මහතා පැවසී ය.

පසුගිය ආණ්‌ඩුව පරාජය කර මේ ආණ්‌ඩුව පිහිටුවනු ලැබුයේ පසුගිය වැරදිම නැවත කිරීමට නොවන බවද මේ ආණ්‌ඩුව සුවිශේෂී ආණ්‌ඩුවක්‌ බවට පත් කිරීමට බවද අමාත්‍යවරයා පැවසි ය.

ආණ්‌ඩුව වෙනස්‌ වුවත් රජය වෙනස්‌ නොවී එලෙසම පැවැතිය යුතු නැති බවත් මේ වෙනස කරන්න බැරිනම් ආණ්‌ඩුවෙන් වැඩක්‌ නැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ආණ්‌ඩුව පත් කළ සිවිල් සංවිධාන සිටින මතයේ තමාද සිටින බව කී ඇමතිවරයා ආණ්‌ඩුව නිවැරදි මාවතේ රැගෙන යැමට සියලු දෙනා දැඩි වෙහෙසක්‌ ගන්නා බවත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(2 votes)
Last modified on Friday, 24 June 2016 09:41