May 06, 2024

පුවක් ආශ්‍රිත නිෂ්පාදනවලට තහනමක්

මෙරටට පුවක් ආශ්‍රිත වෙළඳ නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් ඒ සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් යොමුකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ මෙන්ම පුවක් භාවිතය ද නතර කළ යුතු බවද දැනටමත් මෙරටට ආනයනය කළ පුවක් අඩංගු කන්ටේනරයක් කොළඹ වරායේ නතර කර ඇති බවද අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.

එමෙන්ම දුම්වැටි සඳහා අය කරන බදු 90% දක්වා ඉහළ නැංවීමට අදාළව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව හෙට (22) දිනයේදී අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ බීඩි සහ සුරුට්ටු නිෂ්පාදනය වෙනුවෙන් පනවා ඇති බද්ද ද ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 August 2016 17:13