May 06, 2024

රාජ්‍ය - පෞද්ගලික රෝහල් ඒකාබද්ධ වෙයි - ළඟදීම නව සේවාවක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රෝහල් ඒකාබද්ධ කරමින් නව සේවාවක් ආරම්භ කිරීම සඳහා ප්‍රතිපත්තියක් ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති,වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ රෝගීන්ගේ ශල්‍යකර්ම රජයේ රෝහල් තුළ සිදුකරමින් ඒ සඳහා කිසියම් මුදලක් අය කර ගැනීමේ නවතම වැඩපිළිවෙළක් කෙරෙහිද ඇමැතිවරයාගේ අවධානය යොමුව ඇත.

මේ අනුව රජයේ රෝහල්වල ශල්‍යාගාර සහ පරීක්ෂණාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනු ඇතැයි ඇමැතිවරයා පෙන්වා දේ.
රජයේ රෝහල්වල ඉතා විශාල මුදලක් වියදම් කර ජීව වෛද්‍ය උපකරණ ලබා දී ශල්‍යාගාර සහ අනෙකුත් ඒකක ස්ථාපිත කර ඇති නමුත් රාජකාරී වේලාවෙන් පසුව එම උපකරණ ක්‍රියාත්මක නොවීම අවාසනාවන්ත තත්ත්වයක් බවද ඇමැතිවරයා පෙන්වා දේ.

දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින පුද්ගලයින්ට නවීන වෛද්‍ය පහසුකම් ලබා දීමේ නවතම ක්‍රමවේදයක් හඳුන්වාදීම ඉදිරි දස වසරක කාලය තුළ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

 

 

Rate this item
(0 votes)