April 27, 2024

"පාකිස්තාන හමුදාව හිතේ රැඳුණා” - ඉන්දීය ගුවන් නියමු අභිනන්දන්

පාකිස්තාන ගුවන් සීමා උල්ලංඝනය කිරීම නිසා එරට ගුවන් හමුදා ප්‍රහාරයකින් කඩා වැටුණු ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයේ නියමු අභිනන්දන් වර්තාමන් (Abhinandan Varthaman) පාකිස්තානය විසින් ඊයේ (01) නිදහස් කරනු ලැබිය.

පාකිස්තානය හා ඉන්දියාව අතර දේශසීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් නියමුවා ඉන්දීය බලධාරීන් වෙත භාරදී තිබේ.

ඊට විනාඩි කිහිපයකට පෙර පාකිස්තාන රූපවාහිනිය ඇමතූ ගුවන් නියමුවා පවසා සිටියේ පාකිස්තාන හමුදාව තම හිතේ රැඳුණු බවය.

පසුගිය 28 වනදා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුවේදී ගුවන් නියමුවා නිදහස් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර, එය ඉන්දියාව වෙත සාමය වෙත ඉඟි පළකිරීමේ ක්‍රියාවක් ලෙස සිදුකරන බවයි කියා සිටියේය.

න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඉන්දියාව සහ පකිස්තානය යන දෙරටම කාෂ්මීරයේ අයිතිය තමන් සතු යැයි කියා සිටියද එම රටවල් ද්විත්වය එහි කොටස බැගින් පාලනය කරනු ලබයි.

මේ අතර, ඉන්දීය අමැති නරේන්ද්‍ර මෝදි පවසා සිටියේ පසුගිය දින කිහිපයේදී සිදුවූ සිදුවීම් ඉන්දියාව වැට අද්දරටම ගෙන ආ බවය.

එමෙන්ම, රටේ ආරක්ෂක අංශ කෙරෙහි ජනතාව දැක්වූ ගෞරවාදරය උත්කෘෂ්ට යැයි පැවසූ මෝදි, සියලු ඉන්දියානුවන්ට තමා හිස නමා ආචාර කරන බවද කියා සිටියහ.

පසුගිය පෙබරවාරි 14 වැනිදා පාකිස්තානය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත කණ්ඩායමක් ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම දෙරට අතර මතභේදකාරී තත්ත්වය උත්සන්න වීමට බලපෑවේය.

Rate this item
(0 votes)