April 25, 2024

නයිජිරියා නව ජනපතිධුරය යළි මුහම්මද් බුහාරිට

February 27, 2019

නයිජිරියාවේ නව ජනාධිපතිවරයා ලෙස යළි මුහම්මද් බුහාරි පත්වී තිබේ.

සමස්ත ලංකා ප්‍රගතිශීලි කොංග්‍රසය නියෝජනය කරන බුහාරි එරට ප්‍රාන්ත 38න් 19 ක් ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

76 හැවිරිදි මුහම්මද් බුහාරිගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ එරට හිටපු උප සභාපති ඇටිකු අබුබකර්ගේ මහජන ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය මැතිවරණ ප්‍රතිපල ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ස්වාධින මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් මැතිවරණ වංචාවන් සිදු නොවූ බවට සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඡන්ද දායකයින් සියයට 35කට අධික පිරිසක් ඡන්දය භාවිත කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 February 2019 12:33