March 28, 2024

බලවතුන්ගේ දෙවන හමුව

February 26, 2019

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වීමට නියමිත දෙවන සමුළුවට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් වියට්නාමය වෙත පැමිණ තිබේ.‍

දුම්රිය ඔස්සේ පියොංයැන්ග් සිට වියට්නාමය වෙත ගමන් ආරම්භ කළ කිම් ජොන් අන් වියට්නාමයේ ඩොන්ග් ඩැන්ග් දුම්රිය ස්ථානයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව වියට්නාමය වෙත පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හෙට හැනෝයි නුවර දී ආරම්භ වීමට නියමිත සමුළුව සඳහා සහභාගී වීමට නියමිතයි.

කිම් ජොන් අන්ගේ පළමු වියට්නාම සංචාරය මෙය වන අතර මෙම සංචාරය සඳහා ඔහුගේ නැගෙනිය වන කිම් යෝ ජොන්ග් ද සහභාගී වී සිටියි.

Rate this item
(0 votes)