May 17, 2024

රාමසාන් යාඥා අතරතුර පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

බංග්ලාදේශයේ ඉස්ලාම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

රාමසාන් යාඥාවක් පැවැත්වෙන අතරතුර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙන අතර ඉන්පසු වෙඩි ප්‍රහාරයක් ද එල්ල වී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇති බව මේවන විට ලැබී ඇති තොරතුරුවල සඳහන් වේ.

එමෙන්ම පුද්ගලයින් බොහෝදෙනෙකු තුවාල ලබා ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය සතු බවට සැකකෙරේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී පල්ලිය තුළ ලක්ෂ දෙකකට අධික පිරිසක් යාඥාවේ නිරත වී සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 July 2016 11:47