May 04, 2024

මරාගෙන මැරෙන බෝම්බයෙන් 14ක් මරුට

මීට පැය කිහිපයකට පෙර ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කුඩා බස් රථයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදුව ඇති අතර පිපිරීමෙන් අඩුම ගණනේ පුද්ගලයින් 14 දෙනෙකු හෝ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

ප්‍රහාරයට ලක්ව ඇති පිරිස නේපාල ජාතිකයින්වන අතර ඔවුන් ඇෆ්ගනිස්ථානයේ කැනඩා තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කරන්නන් ය.

Rate this item
(0 votes)