May 18, 2024

ජකර්තා ප්‍රහාරය සිදු කළේ IS බව තහවුරු වේ (PHOTOS)

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට අද එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) විසින් භාරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

IS සංවිධානයට සම්බන්ධ "ආමාක්" නම් පුවත් ආයතනයකින් මේ බව නිවේදනය කර ඇති බව වාර්තා වන්නේ.

එසේම ජකර්තා නුවර පොලිස් ප්‍රධානියා ද මාධ්‍ය වෙත පවසා ඇත්තේ ප්‍රහාරය පිටුපස අනිවාර්යෙන්ම IS සංවිධානය සිටින බවයි.

ඉන්දුනීසියාවෙන් ලැබෙන නවතම පුවත් වාර්තාවල සඳහන් වන්නේ මෙම ප්‍රහාරයෙන් 7 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මියගිය පිරිසට ත්‍රස්තවාදීන් 5 දෙනෙක් හා සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු අයත් වන බව සඳහන් වේ.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)